අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර් තා කරන ලදී.
"අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය." මුස්ලිම් තුමා සතු වාර් තාවක: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හාන්සි වූ කොට්ටය ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය."
كَانَ فِرَاشُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَدَمٍ، وَحَشْوُهُ مِنْ لِيفٍ، وَلِمُسلمٍ: كَانَ وِسَادَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّتِي يَتَّكِئُ عَلَيْهَا مِنْ أَدَمٍ حَشْوُهَا لِيفٌ.
මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය. අල්ලාහ්ගේ දූතයාණන් නිදා සිටි ඇතිරිල්ල පදම් කරන ලද හමකින් වූ අතර එය ඉදි කෙඳිවලින් පුරවන ලද්දක් විය. එමෙන්ම එතුමාණන් හාන්සි වූ කොට්ටය ද එලෙසම විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සරලකම හා මෙලොව ආශාවන්ගෙන් එතුමාණන් දුරස් වී සිටීම මෙය පැහැදිලි කරයි. අල්ලාහ් එතුමාණන්ට ඒ සඳහා හැකියාව ලබා දී තිබුණි. එතුමාණන් සිතුවේ නම් ඒවා භුක්ති විඳින්නට තිබුණි.
මෙට්ට සහ කොට්ට භාවිතා කිරීමට, ඒවා මත නිදා ගැනීමට සහ සුවපහසුව පිණිස ඒවා මත හාන්සි වීමට අවසර ඇත.
මුස්ලිම්වරයෙකු තම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම තත්ත්වය සහ ජීවනෝපාය ගැන සැලකිලිමත් විය යුතුය. මන්ද එතුමාණන් උතුම් ආදර් ශමත් චරිතයක් වන අතර, එතුමාණන්ගේ ආදර් ශය අනුගමනය කරන ඕනෑම අයෙකු මඟ ලබනු ඇත. මෙලොව සහ මතුලොව සාර් ථක කර ගනු ඇත.
මතුලොව වෙනුවෙන් සූදානම් වීමට උනන්දු කරවීම. අල්ලාහ්ට අවනත වීම සඳහා උදව්වන ප්‍රමාණයක් මෙලොවෙහි මුඃමින්වරයකු රැස්කර ගැනීම ඔහුට ප්‍රමාණවත්ය. ඒ හැර තමන්ව වෙනතකට යොමු කරවන තරමට අධිකත්වය සෙවීමෙන් වැළකී සිටිය යුතුය. අල්ලාහ් එවන් අය අවමානයට පත් කරයි. "ඔබ මිණීවලවල් මුණ ගැහෙන තුරු අධික සම්පත් සෙවීම ඔබව වෙනතකට යොමු කර ඇත." (අත්-තකාසුර්: 1,2)
සහීහුුල් බුහාරි (8/ 97) (6456).
සහීහ් මුස්ලිම් (3/ 1650) (2082).
තවත් බලන්න (4)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (34/ 662).
إرشاد الساري لشرح صحيح البخاري (9/ 264).
المفهم لما أشكل من تلخيص كتاب مسلم (5/ 403).
النهاية في غريب الحديث والأثر (971).