මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත
අබුල් අබ්බාස් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මම යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් මට ආදරය කරන, මිනිසුන් ද මට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් මට පෙන්වා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
"මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."
«ازْهَدْ فِي الدُّنْيَا يُحِبُّكَ اللَّهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبُّكَ النَّاسُ».
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන් යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුට ආදරය කරන, මිනිසුන් ඔහුට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් ඔහුට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "මෙලොවෙහි පවතින අමතර දෑ හා මතුලොවෙහි ඔබට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හරින විටෙක, ඇතැම් විට ඔබේ දහමට හානි පමුණුවන දෑ අත්හරින විටෙක, අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මෙලොවෙහි මිනිසුන් අතෙහි ඇති දෑ සමග ඔබ සරලව ජීවත් වූ විටෙක මිනිසුන් ඔබට ආදරය කරනු ඇත. මක්නිසාදයත් ඔවුන් සහජයෙන්ම ඒවාට ප්‍රිය කරන බැවිනි. කවරෙකු ඒ සඳහා ඔවුන් සමග තරඟ කළේ ද ඔවුහු ඔහු සමග ක්‍රෝධය ඇති කර ගනිති. කවරෙකු ඔවුන් වෙනුවෙන් එය අත් හැරියේ ද ඔවුහු ඔහුට ආදරය කරති.
මෙලොවෙහි චාම් (සරල) ජීවිතයක් ගත කිරීමේ මහිමය. එය වනාහි මතුලොවට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හැරීමය.
සරලකම යනු ශ්‍රද්ධාවට වඩා උසස් තරාතිරමක පවතී, මන්ද ශ්‍රද්ධාව යනු හානිකර විය හැකි දේ අත්හැරීම වන අතර, සරලකම යනු මරණින් මතු ජීවිතයේ ප්‍රයෝජනයක් නොමැති දේ අත්හැරීම වන බැවිනි.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම මෙලොව මිනිසුන්ට ප්‍රිය ජනක ස්ථානයකි. එහෙයින් කවරෙකු ඒ විෂයෙහි ඔවුනට හිරිහැරයක් වන්නේ ද ඒ ප්‍රමාණයටම ඔවුන් ඉදිරියේ ඔහු කෝපයට ලක්වන අයකු වනු ඇත. එමෙන්ම කවරෙකු ඔවුන් හා ඔවුන් ප්‍රිය කරන දෑ අත්හැර දමන්නේ ද එහි ප්‍රමාණයටම ඔවුන්ගේ සිත් තුළ ඔහු ආදරයට ලක් වනු ඇත."
සුනන් ඉබ්නු මාජහ් (5/ 225) (4102).
තවත් බලන්න (7)
අල් අර්බඌනන් නවවියියාහ් (ص118) (ح31).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص73).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين (ص111).
الفوائد المستنبطة من الأربعين النووية.
للشيخ عبد الرحمن البراك (ص87).
الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.
لعبد الله بن صالح المحسن (1/61).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«ازهَدْ في الدُّنْيَا يُحِبَّكَ اللهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبَّكَ النَّاسُ».
- شرح الأربعين النووية«ازْهَدْ فِي الدُّنْيَا يُحِبُّك اللَّهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبُّك النَّاسُ».
- مجموعة زاد الحديث(2)1(وازهدْ فيما عندَ الناسِ)
- مجموعة زاد الحديث(2)1(ازْهَدْ فِي الدُّنْيَا يُحِبَّكَ الله...)