අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا "අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَى الْمَرِيضَ يَدْعُو لَهُ قَالَ: «أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا».
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: "අද්හිබ්" ඉවත් කරනු මැනව "අල් බඃස" දැඩි රෝගීභාවය, "රබ්බන් නාස්" මිනිසුන්ගේ මැවුම්කරු හා ඔවුන්ව පෝෂණය කරන්නා "වෂ්ෆි" මෙම රෝගියාට සුවය දෙනු මැනව "අන්ත" ඔබ සුවිශුද්ධය. "ෂාෆී" ඔබේ ෂාෆී යන ගුණ නාමයෙන් ඔබ වෙත මැදිහත් වී සුවය පතමි. "ලා ෂිෆාඅ" රෝගියාට සුවය ලබා දෙන්නෙකු නැත. "ඉල්ලා ෂිෆාඋක" ඔබේ සුවයෙන් හැර. "ෂිෆාඅ" පොදු සුවය වනාහි "ලා යුගාදිරු" ඉතිරි වන්නේ නැත අත්හැර දමන්නේ නැත. "සකමා" තවත් රෝගයක් අත්හැර දමන්නේ නැත.
සුව කරන්නා සර්වබලධාරී අල්ලාහ් ය. වෛද්‍යවරයා හා බෙහෙත් යනු හේතු සාධක පමණය. අල්ලාහ්ගේ අවසරයෙන් හැර කිසිදු සෙතක් හෝ කිසිදු හානියක් හෝ සිදු වන්නේ නැත.
රෝගියාගේ සුවදුක් විමසීම මුස්ලිම්වරුන්ගේ වගකීම් අතරින් එකකි. එය පවුල හා සළකන විට වඩාත් වැදගත් වන්නේය.
රෝගියා බැහැ දැක සුවදුක් විමසන්නට යන පුද්ගලාය වෙත සමෘද්ධිමත් මෙම අනුවාදය යොදා ගනිමින් ප්‍රාර්ථනා කරන්නට ආශාව ඇති කිරීම.
අල් කුර්ආන් පාඨ හා සුවය ඉල්ලා සිටින ප්‍රාර්ථනා තුළින් ආරක්ෂාව පතා ප්‍රතිකාර කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීම් අතරින් එකකි. එතුමාණන් රෝගී භාවයට පත් වූ විට තමන් වෙනුවෙන් මෙසේ ප්‍රාර්ථනා කර ප්‍රතිකාර කරගෙන ඇත. එමෙන්ම තම පවුලෙන් කෙනෙකු හෝ වෙනත් කෙනෙකු හෝ රෝගීභාවය ගැන පැමිණිලි කළ විට එතුමාණෝ ඔවුන් සමග ද මෙලෙස කටයුතු කර ඇත්තාහ.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "හදීස්වල සඳහන්ව ඇති පරිදි රෝගියා රෝගී තත්ත්වයේ සිටිය දී ඔහුගේ පව්වලට එය ප්‍රතිකර්මයක් වීම හා ඔහුට කුසල් හිමිවීම තිබිය දී රෝගියාට සුවය පතා ප්‍රාර්ථනා කිරීම ගැටලු සහගත වී ඇත යන්නයි. පිළිතුර නම්: සැබැවින්ම ප්‍රාර්ථනා කිරීම නැමදුමකි. එය කුසල් හිමි කර දීම හා එය ප්‍රතිකර්මයක් වීම අහෝසි කරන්නේ නැත. සැබැවින්ම ඒ දෙක රෝගී භාවයේ ආරම්භයේ හා ඒ කෙරෙහි ඉවසා දරා ගැනීමත් සමග ඇති වන්නේය. ප්‍රාර්ථනා කරන්නා කුසල් දෙකක් අතර සිටියි. එකක් නම්, ඔහු බලාපොරොත්තු වන දේ ඔහුට හිමිවීමය. එසේ නැතහොත් ඒ වෙනුවෙට යම් ප්‍රයෝජනයක් ගෙන දීම හෝ අයහපතකින් වළක්වාලීමය. මේ සියල්ල උත්තරීතර අල්ලාහ්ගේ භාග්‍යය වේ.
සහීහුුල් බුහාරි (7/ 134) (5750).
සහීහ් මුස්ලිම් (4/ 1721) (2191).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 162).
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 477).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (11/ 539).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 687).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- الدعاء ويليه العلاج بالرقى من الكتاب والسنةالرقى من الكتاب والسنة«اللَّهُمَّ رَبَّ النَّاسِ، أَذْهِبِ الْبَأْسَ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا»[٢٥].
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«أَذْهِبِ البَاسَ رَبَّ النَّاسِ! اشْفِ وَأَنْتَ الشَّافِي، لاَ شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لاَ يُغَادِرُ سَقَمًا»
- تطبيق القرآن والأذكارالرقية الشرعية«اللَّهُمَّ رَبَّ النَّاسِ،أَذْهِبِ الْبَأْسَ، وَاشْفِ أَنْتَ الشَّافِي، لاَ شِفَاءَ إِلاَّ شِفَاؤُكَ، شِفَاءً لاَ يُغَادِرُ سَقَمًا»[4].
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- كَانَ رَسُولُ اﷲِ ﷺ إِذَا اشْتَكَى مِنَّا إِنْسَانٌ، مَسَحَهُ بِيَمِينِهِ، ثُمَّ قَالَ: «أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا»