Skip to content

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි." අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් (අස්-සජදා: 17 වැනි පාඨය) කියවන්න. එනම්: "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී."

«قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَعْدَدْتُ لِعِبَادِي الصَّالِحِينَ، مَا لاَ عَيْنٌ رَأَتْ، وَلاَ أُذُنٌ سَمِعَتْ، وَلاَ خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ» قَالَ أَبُو هُرَيْرَةَ: اقْرَؤُوا إِنْ شِئْتُمْ: {فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ} [السجدة: 17].

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

උත්තරීතර සර්වබලධාරී අල්ලාහ් පවසා සිටි බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. කිසිදු ඇසක් එහි ස්වභාවය නොදුටු, කිසිදු කනක් එහි ගුණාංග ගැන සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් එය කුමක්දැයි කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් හට ගෞරවයක් ලෙස ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ සූදානම් කර ඇත්තෙමි. අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් කියවා බලන්න. "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී." (අස්-සජදා: 17)

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙය "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි සෙසු දැයින් වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.

අල්ලාහ් තම දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇති දෑ සාක්ෂාත් කර ගනු පිණිස ඔහුට අවනත භාවය පෙන්වන ක්‍රියාවන් සිදු කිරීමට හා පිළිකුල් සහගත දෑ අත්හැරීමට දිරි ගැන්වීම.

උත්තරීතර අල්ලාහ් ඔහුගේ ග්‍රන්ථයේ හෝ ඔහුගේ දූතයාණන්ගේ වදන්හි හෝ ස්වර්ගයේ ඇති සියල්ල නිරූපණය කර නැත. අපි නොදන්නා දෑ අපි දන්නා දෑට වඩා ඉමහත්ය.

ස්වර්ගයේ ඇති පූර්ණ සුවපහසුකම් ගැන විස්තර කිරීම. එහි වැසියන් දුකෙන් හෝ කනස්සල්ලෙන් හෝ තොර සතුටක් ලබනු ඇත.

මෙලොව සැපත තාවකාලික වන අතර මතුලොව සැපත උතුම්ය ස්ථායීය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (6/ 115) (4779).

සහීහ් මුස්ලිම් (4/ 2174) (2824).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (3/ 342).

التنوير شرح الجامع الصغير.

لمحمد الصنعاني (7/ 587).

تيسير الكريم الرحمن في تفسير كلام المنان.

عبد الرحمن آل سعدي (ص187).