Skip to content

“කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”

«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُصِبْ مِنْهُ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ් තමා ව විශ්වාස කළ තම ගැත්තන් අතරින් කවරෙකුට යහපත පැතුවේ ද ඔහු ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ පවුල්වල පරීක්ෂණ ඇති කරනු ඇත. එවායිින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ප්‍රාර්ථනා කරමින් උත්තරීතර අල්ලාහ් වෙත යොමුවීම, පාපකම්වලට සමාව ලැබීම හා නිලයන් උසස් වීම යනාදිය එමගින් ඔහු ලබනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා නොයෙකුත් පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ.

පරීක්ෂණවලට භාජනය වීම, අල්ලාහ් තම ගැත්තා කෙරෙහි දක්වන ආදරයේ සලකුණක් විය හැකිය. අවසානයේ එය ඔහුගේ තරාතිරම ඉහළ නංවා, ඔහුගේ නිලය උසස් කර, ඔහුගේ පාපයන්ට සමාව දෙනු පිණිසය.

විපත්ති සිදුවන අවස්ථාවලදී කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 115) (5645).

තවත් බලන්න (12)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 509).

بهجة الناظرين.

لسليم الهلالي (1/ 98).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص45).

نزهة المتقين.

مجموعة من المشايخ (1/ 71).

شرح رياض الصالحين.

لابن عثيمين (1/ 244).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

لعلي القاري (3/ 1127).