Skip to content

කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.

කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත.

«أَيُّمَا امْرِئٍ قَالَ لِأَخِيهِ: يَا كَافِرُ، فَقَدْ بَاءَ بِهَا أَحَدُهُمَا، إِنْ كَانَ كَمَا قَالَ، وَإِلَّا رَجَعَتْ عَلَيْهِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයකුට, "අහෝ කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා)' යැයි පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එසේ පවසනු ලබන එම කාෆිර් යන ප්‍රකාශය ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු වෙත උරුම වනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේ වනු ඇත. එසේ නැතහොත් තම සහෝදරයාට කාෆිර් යැයි කළ චෝදනාව ඔහුට එරෙහිව හැරී එනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයා තුළ නොමැති නපුරු ගුණාංග ඔහුට ඈදීමෙන් හා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස ඔහුට පැවසීමෙන් වැළකී සිටිය යුතුය.

මෙම නපුරු ප්‍රකාශයෙන් වැළකී සිටිය යුතු ය. මෙවන් ප්‍රකාශයක් තම සහෝදරයාට පවසා සිටියේ නම් අදාළ තැනැත්තා බරපතල වරදක් සිදු කර ඇත. එබැවින් ඔහුගේ දිව ආරක්ෂා කර ගත යුතු වේ. කිසිදු සාක්ෂි සාධයකින් තොරව නිකරුනේ කතා නොකළ යුතු වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 26) (6104).

සහීහ් මුස්ලිම් (1/ 79) (60).

තවත් බලන්න (3)

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (2/ 390).

إرشاد الساري لشرح صحيح البخاري (9/ 65).

النهاية في غريب الحديث والأثر (91).