“අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නො ලැබේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නො ලැබේ."
«الدُّعَاءُ لاَ يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාවේ මහිමය පැහැදිලි කර සිටියහ. සැබැවින්ම එය ප්‍රතික්ෂේප කරනු නො ලබන අතර එයට පිළිතුරු දෙනු ලැබේ. එබැවින් එහිදී ඔබ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න.
ප්‍රාර්ථනාව සඳහා නියම කර ඇති මෙම වේලාවේ මහිමය.
ප්‍රාර්ථනා කරන්නා එහි විනයන් පිළිපැද, ඒ සඳහා අදාළ නියමිත ස්ථාන හා උතුම් වේලාවන් සොයා, අල්ලාහ්ට පිටුපෑමෙන් දුරස් වී, සැකය හා කුතුහලය තුළ තමන් වැටීමෙන් ආරක්ෂා වී, අල්ලාහ් කෙරෙහි යහපත් සිතුවිල්ලක් ඇති කර ගන්නා විට, එය අල්ලාහ්ගේ අනුහසින් ඔහුට පිළිතුරු ලබන්නට වඩාත් උචිත වන්නේය.
ප්‍රාර්ථනාව පිළිගැනීමට ලක් වීම සම්බන්ධයෙන් අල්-මනාවී තුමා මෙසේ පවසයි. ප්‍රාර්ථනාවට අදාළ කොන්දේසි, මූලිකාංග, විනයන් එක්කාසු වූ පසු ඉන් යමක් අතපසු වූයේ නම්, ඒ ගැන තමන්ට මිස වෙනත් කිසිවකුට කිසිදු දොසක් පැවරිය නොයුතු බවය.
ප්‍රාර්ථනාවට පිළිතුරු පැතීම. ඇතැම් විට ඔහුගේ ප්‍රාර්ථනාවට ක්ෂණිකව පිළිතුරු ලබනු ඇත. එසේ නැතහොත් ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එසේත් නැතහොත් ඔහු වෙනුවෙන් මතුලොවෙහි ඒවා එක්රැස් කරනු ලැබේ. මෙය අල්ලාහ්ගේ ප්‍රඥාව හා ඔහුගේ කරුණාව මත පදනම්ව පිහිටන්නකි.
සුනන් අත් තිර්මිදි (1/ 253) (212).
සුනන් අබූ දාවූද් (1/ 392) (521).
අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (9/ 32) (9812).
තවත් බලන්න (10)
الثمر المستطاب في فقه السنة والكتاب.
الألباني (1/ 200).
توضيح الأحكام شرح بلوغ المرام.
لعبد الله البسام (1/ 548).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (2/ 309).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (1/ 486).
سبل السلام.
لمحمد الصنعاني (2/ 707).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"الدعاء لا يرد بين الأذان والإقامة فادعوا" .
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«الدُّعَاءُ لا يُردُّ بينَ الأذَانِ والإقَامَة».
- مشروع المنهج التعليميمادة الفقه مستوى 2«الدُّعَاءُ لَا يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».
- مشروع المنهج التعليميمادة الفقه مستوى 2«الدُّعَاءُ لَا يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».
- مشروع المنهج التعليميمادة الفقه مستوى 2«الدُّعَاءُ لَا يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».