ඔබ අතරින් කිසිවෙකු හෝ තම පවුල වෙත නැවත හැරී යන විට එහි පුෂ්ටිමත් විශාල ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකු ලබන්නට කැමති වන්නේ ද?
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවෙකු හෝ තම පවුල වෙත නැවත හැරී යන විට එහි පුෂ්ටිමත් විශාල ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකු ලබන්නට කැමති වන්නේ ද? යැයි විමසූහ. අපි: "ඔව්" යැයි පැවසුවෙමු. එතුමාණෝ: "ඔබ අතරින් කිසිවෙකු හෝ තම සලාතයේ දී ආයාත් තුනක් පාරායනය කිරීම එවන් පුෂ්ටිමත් විශාල ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකුට වඩා උතුම් යැ"යි පවසා සිටියහ.
«أَيُحِبُّ أَحَدُكُمْ إِذَا رَجَعَ إِلَى أَهْلِهِ أَنْ يَجِدَ فِيهِ ثَلَاثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ؟» قُلْنَا: نَعَمْ. قَالَ: «فَثَلَاثُ آيَاتٍ يَقْرَأُ بِهِنَّ أَحَدُكُمْ فِي صَلَاتِهِ خَيْرٌ لَهُ مِنْ ثَلَاثِ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ».
සලාතයේ දී අල් කුර්ආන් පාඨ තුනක් පාරායනය කිරීමේ ප්‍රතිඵලය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලමම්) තුමාණන් පැහැදිලි කර සිටියි. එය මිනිසා තම නිවසෙහි පුෂ්ටිමත් දැවැන්ත ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකු ලැබීමට වඩා උතුම්ය.
...:
සලාතයේ දී අල් කුර්ආනය පාරායනය කිරීමේ මහිමය පැහැදිලි කිරීම.
දැහැමි ක්‍රියාවන් විනාශ වී යන මේ ලෝකයේ සුඛාස්වාදයට වඩා උතුම්ය. පවතින්නක්ය.
මෙම මහිමය ආයාත් තුනක් පාරායනය කිරීමෙන් පමණක් සීමා වන්නේ නැත. සලාත් ඉටු කරන්නා ඔහුගේ සලාතයේ දී අල් කුර්ආනීය පාඨ අධික ව කියවන සෑම කලකම ඔහුට එම පාඨවල ප්‍රමාණයට අනුව ගැබ්බර ඔටු දෙනුන්ට වඩා උතුම් තිළිණ පවතිනු ඇත.
සහීහ් මුස්ලිම් (1/ 552) (802).
තවත් බලන්න (4)
إكمال المعلم (3/172).
الإفصاح عن معاني الصِّحاح (8/65).
فتح المنعم شرح صحيح مسلم (3/620).
البحر المحيط الثجاج (16/343).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"أيحب أحدكم إذا رجع إلى أهله أن يجد فيه ثلاث خَلِفَاتٍ عِظامٍ سمانٍ؟ " قلنا نعم.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“أيحب أحدكم إذا رجع إلى أهله أن يجد فيه ثلاث خلفات عظام سمان؟” قلنا: نعم، قال: “فثلاث آيات يقرأ بهن أحدكم في صلاته، خير له من ثلاث خلفات عظام سمان”.