Skip to content

“නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුර් රහ්මාන් බින් සමුරාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”

«لَا تَحْلِفُوا بِالطَّوَاغِي، وَلَا بِآبَائِكُمْ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

'තාගියා' බහු වචනය - 'තවාගී' මත දිවුරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. ඒවා අල්ලාහ් හැරදමා දේව ආදේශකයින් විසින් නමදින පිළිම වෙති. එය ඔවුන්ගේ නොමග යෑමට හා ඔවුන්ගේ දේව ප්‍රතික්ෂේපයට හේතුවක් විය. එමෙන්ම පියවරුන් මත දිවුරා සිටීමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ. අඥාන යුගයේ අරාබිවරුන් අතර ගෞරවයෙන් හා ආඩම්භරයෙන් ඔවුන්ගේ පියවරුන් මත දිවුරා සිටීම පුරුද්දක්ව තිබුණි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ් මත, ඔහුගේ නාම හා ඔහුගේ ගුණාංග මත හැර වෙනත් කිසිවක් මත දිවුරා සිටීම වලංගු වන්නේ නැත.

තවාගීත් (පිළිම) පියවරුන්, නායකයින්, ස්මාරක හා ඒ හා සමාන අනෙකුත් ව්‍යාජ දෑ මත දිවුරා සිටීම තහනම් කර ඇත.

අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීම සුළු ගණයේ ෂිර්කයක් වේ. ඇතැම් විට එය මහා ගණයේ ෂිර්කයක් බවට පත් වන්නට ද පුළුවන. තමන් දිවුරා සිටින දෑට ගරුබුහුමන් කිරීමක් තම හදවත තුළ ක්‍රියාත්මක වූ විට, ඔහු අල්ලාහ්ට ගරුබුහුමන් කරන්නාක් මෙන් එයට ද ගරුබුහුමන් කරති. එසේ නැතහොත් යම් නැමදුම් කිරීමක් ඒ තුළ ඇති බව විශ්වාසය තබති.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම්.

තවත් බලන්න (8)

نزهة المتقين.

مجموعة من الباحثين (2/ 1166).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 451).

سبل السلام.

لمحمد الصنعاني (2/ 545).

المنهاج شرح صحيح مسلم.

للنووي (11/ 108).