Skip to content

අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසුවෙමි. එතුමාණෝ: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමාණෝ: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ. ඉන්පසු කුමක්දැ?යි විමසුවෙමි. එතුමාණෝ: ‘අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම’

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

‘අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසුවෙමි. එතුමාණෝ: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමාණෝ: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ. ඉන්පසු කුමක්දැ?යි විමසුවෙමි. එතුමාණෝ: ‘අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම’ යැයි පැවසූහ. මේවා මට එතුමාණෝ පවසා සිටි අතර මම වැඩි යමක් විමසා තිබුණේ නම් එතුමාණන් මට වැඩි යමක් දන්වා සිටින්නට තිබුණි.

سَأَلْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ العَمَلِ أَحَبُّ إِلَى اللَّهِ؟ قَالَ: «الصَّلاَةُ عَلَى وَقْتِهَا»، قَالَ: ثُمَّ أَيٌّ؟ قَالَ: «ثُمَّ بِرُّ الوَالِدَيْنِ» قَالَ: ثُمَّ أَيٌّ؟ قَالَ: «الجِهَادُ فِي سَبِيلِ اللَّهِ» قَالَ: حَدَّثَنِي بِهِنَّ، وَلَوِ اسْتَزَدْتُهُ لَزَادَنِي.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප ක්‍රියාව කුමක් දැ?’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: ‘අල්ලාහ් නියම කර ඇති වේලාවන්හි අනිවාර්යය කරන ලද සලාත් ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. 'පසුව, දෙමව්පියන්ට උපකාර කිරීම, ඔවුනට උවටැන් කිරීම, ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම, ඔවුනට හිංසා පීඩා නොකිරීම ’ යැයි පැවසූහ. සර්ව බලධාරී අල්ලාහ්ගේ වචනය උසස් කරවනු පිණිසත් ඉස්ලාම් ආගම හා එහි වැසියන් ආරක්ෂා කරනු පිණිසත් එහි අනන්‍යතාව ඉස්මතු කරනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ය. එය ජීවිත හා ධනය කැප කිරීමෙන් සිදු කරන්නකි. මෙම ක්‍රියාවන් ගැන මට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටියේය. වැඩි දුරටත් මම එතුමාණන්ගෙන් විමසා තිබුණේ නම් මට ඊට වඩා වැඩි යමක් එතුමාණන් විසින් පවසන්නට තිබුණි යැයි ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා පවසා සිටියේය.

වචනාර්ථ

.....:

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ් දක්වන ආදරය අනුව ක්‍රියාවන් එකිනෙක අතර වෙනස් වේ.

විශිෂ්ට ක්‍රියාවන් අතරින් විශිෂ්ටතම ක්‍රියාවන් සඳහා උනන්දු කරවීමට මුස්ලිම්වරයා දිරි ගැන්වීම.

පුද්ගලයින්ගේ වෙනස්කම් හා ඔවුන්ගේ තත්ත්වයන් අනුව හා ඔවුන් එකිනෙකාට වඩාත් ප්‍රයෝනජවත් වන දෑ අනුව, විශිෂ්ඨ ක්‍රියාවන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුනට එකිනෙකට වෙනස් අයුරින් පිළිතුරු දී ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 112) (527).

සහීහ් මුස්ලිම් (1/ 90) (85).

තවත් බලන්න (6)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 70).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص84).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (1/ 108).