Skip to content

“ඉස්රාඊල් දරුවන් වනාහි නබිවරු ඔවුන් පාලනය කළහ. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු ඔවුන් වෙත පැමිණියේය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් අධිකව සිටිති.”

අබූ හාසිම් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම වසර පනහක් අබූ බක්ර් තුමා (රළියල්ලාහු අන්හූ) තුමා සමග හිඳ ඇත්තෙමි. එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ මෙසේ කතා කරනු මම අසා ඇත්තෙමි යැයි පැවසීය:"

“ඉස්රාඊල් දරුවන් වනාහි නබිවරු ඔවුන් පාලනය කළහ. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු ඔවුන් වෙත පැමිණියේය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් අධිකව සිටිති.” "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?"යි ඔවුහු විමසා සිටියෝය. එතුමාණෝ: “නුඹලා පළමු ප්‍රතිඥාව ඉටු කරනු. පසුව වඩාත් ප්‍රමුඛ දෑ ඉටු කරනු. පසුව ඔවුන්ගේ අයිතිය ඔවුනට පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ පාලනය පිළිබඳව ඔවුන්ගෙන් විමසන්නාය."

«كَانَتْ بَنُو إِسْرَائِيلَ تَسُوسُهُمُ الأَنْبِيَاءُ، كُلَّمَا هَلَكَ نَبِيٌّ خَلَفَهُ نَبِيٌّ، وَإِنَّهُ لاَ نَبِيَّ بَعْدِي، وَسَيَكُونُ خُلَفَاءُ فَيَكْثُرُونَ» قَالُوا: فَمَا تَأْمُرُنَا؟ قَالَ: «فُوا بِبَيْعَةِ الأَوَّلِ فَالأَوَّلِ، أَعْطُوهُمْ حَقَّهُمْ، فَإِنَّ اللَّهَ سَائِلُهُمْ عَمَّا اسْتَرْعَاهُمْ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ඉස්රාඊල් දරුවන් වනාහි, නබිවරු විසින් ඔවුන් පාලනය කරනු ලැබූ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පාලකයින් හා නායකියන් පාලනය කරන්නාක් මෙන් නබිවරු ඔවුන්ගේ කටයුතු භාරගෙන කටයුතු කළහ. ඔවුන් අතර දූෂණ මතුවන සෑම කලකම ඔවුන්ගේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහාත් ඔවුන් විසින් වෙනස් කරන ලද නීති ඉවත් කිරීම සඳහාත් අල්ලාහ් ඔවුන් වෙත නබිවරයකු එවීය. සැබැවින්ම මට පසුව ඔවුන් සිදුකරමින් සිටි දෑ ක්‍රියාත්මක කරන කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් වැඩිවී, ඔවුන් අතර මත ගැටුම් හා ඒකඟ නොවීම් ඇති. එවිට සහගාමීහු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එසේ නම් ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?"යි ඔවුහු විමසා සිටියෝය. එවිට එතුමාණෝ: “පාලකයකුගෙන් පසු පාලකයෙක් දිවුරුම් දෙනු ලැබූ විටෙක පළමු ගිවිසුම වලංගු වන අතර එය ඉටු කළ යුතු වේ. දෙවැන්න අවලංගු වන අතර එය ඉල්ලා සිටීම තහනම්ය. ඔවුන්ගේ අයිතීන් ඔවුනට පිරිනමන්න. ඔවුනට අවනත වන්න. පාපකාරී කටයුතුවල හැර සෙසු යහපත් කටයුතුවල දී ඔවුනට සවන් දෙමින් හා ඔවුනට අවනත වෙමින් ඔවුන් සමග ඇසුරු කරන්න. ඔවුන් නුඹලාට කළ දෑ පිළිබඳ අල්ලාහ් ඔවුන්ගෙන් විමසනු ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ඇත."

හදීසයෙන් උගත හැකි පාඩම්

යම් සමාජයක කටයුතු මෙහෙයවන නිවැරදි මාර්ගය මත ඔවුන් යොමු කරන කිසියම් හෝ නබිවරයකු හෝ නායකයකු පාලනය සඳහා අවශ්‍ය වේ.

අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පසු කිසිදු නබිවරයකු නැත.

නිත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා පාලන බලය ස්ථීර වූ අයගෙන් ඉවත්ව යෑම හා කැරළි ගැසීමට එරෙහිව අනතුරු ඇඟවීම.

එකම වේලාවක පාලකයින් දෙදෙනෙකුට ප්‍රතිඥා දී ගිවිස ගැනීමට අවසර නැත.

ඉමාම්වරයකු සතු ඉමහත් වගකීම. එය නියත වශයෙන් අල්ලාහ් ඔහුගේ පාලන වගකීම පිළිබඳ ඔහුගෙන් විමසන බැවිනි.

ඉබ්නු හජර් තුමා මෙසේ දන්වයි: "මෙලොව කටයුතුවලට වඩා ආගමික කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දීම. මක්නිසාද යත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, පාලකයාගේ වගකීම් ඉටු කරන මෙන් නියෝග කර ඇති බැවිනි. ඒහි දී ආගමික ප්‍රකාශය උසස් කර ඇති අතර අර්බුද හා හානිය වළක්වා ඇත. ඔහුගේ වගකීම් ඉටු කරන මෙන් ඉල්ලා සිටීමේ නියෝගය ප්‍රමාද කිරීම එය අවලංගු නොකරනු ඇත. අල්ලාහ් ඔහුට පොරොන්දු දී ඇත්තේ ඔහුව පිවිතුරු කර මරණින් මතු ජීවිතයේදී වුව ද ඔහුට ප්‍රතිඵල දෙන බවයි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වක්තෘභාවයේ සළකුණු අතරින් මෙය ද සළකුණකි. එතුමාණන් කී පරිදිම එතුමාණන්ගෙන් පසුව පාලකයින් අධික විය. ඔවුන් අතරින් දැහැමියන් මෙන්ම දුෂ්ඨයින් සමාජය පාලනය කළෝය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 169) (3455).

සහීහ් මුස්ලිම් (3/ 1471) (1842).

තවත් බලන්න (4)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 707).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 544).