පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මාලික් අල්-හාරිස් ඉබ්නු ආසිම් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් පිටව ගොස් තම ආත්මය විකුණයි. එහෙයින්, ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
«الطُّهُورُ شَطْرُ الْإِيمَانِ، وَالْحَمْدُ لِلهِ تَمْلَأُ الْمِيزَانَ، وَسُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلهِ تَمْلَآنِ -أَوْ تَمْلَأُ- مَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ، وَالصَّلَاةُ نُورٌ، وَالصَّدَقَةُ بُرْهَانٌ، وَالصَّبْرُ ضِيَاءٌ، وَالْقُرْآنُ حُجَّةٌ لَكَ أَوْ عَلَيْكَ، كُلُّ النَّاسِ يَغْدُو، فَبَايِعٌ نَفْسَهُ فَمُعْتِقُهَا أَوْ مُوبِقُهَا»
වුළූ හා ස්නානය කිරීමෙන් වන බාහිර පිරිසිදුකම සලාතයේ දී කොන්දේසියක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. "අල්හම්දු ලිල්ලාහ්" යන ප්‍රකාශය තුලාව පුරවාලයි." යන කියමන ශුද්ධ වූ අල්ලාහ්ව ප්‍රශංසා කිරීමකි. පූර්ණ ගුණාංග තුළින් ඔහුව ගුණ ගායනා කිරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කිරණු ලැබ ක්‍රියාවන් පිරුණු තරාදිය පුරවාලනු ඇත. "සුබ්හානල්ලාහි වල්හම්දු ලිල්ලාහි" යන ප්‍රකාශය" සියලු අඩුපාඩු සහිත ගුණාංගවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම සහ ඔහුට ආදරය කිරීමෙන්, ඔහුට ගරුබුහුමන් කිරීමෙන් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි පූර්ණවත් ගුණාංගවලින් ඔහු ව ගුණ ගායනය කිරීමය. එය අහස් හා පොළොව අතර පවතින දෑ පුරවාලනු ඇත. "සලාතය ආලෝකයකි" යන ප්‍රකාශය ගැත්තාගේ හදවතෙහි, ඔහුගේ මුහුණෙහි, ඔහුගේ මිනීවලෙහි සහ ඔහු යළි රැස්කිරීමේ දී ඇති වන ආලෝකයයි. "දානය සාක්ෂියකි" එනම් දේවත්වය විශ්වාස කරන්නාගේ දේව විශ්වාසය තහවුරු කරන්නකි. එමෙන්ම සදකාව සඳහා ලබා දී ඇති පොරොන්දුව සහතික නොකර එයින් වැළකී සිටින කුහක තැනැත්තාගෙන් ඔහුව වෙන් කරන්නකි. “ඉවසීම ප්‍රභාවකි” - එය කාංසාව සහ කෝපවීමෙන් වළක්වයි - සූර්යයාගේ ආලෝකය මෙන් තාපය හා දැවෙන ආලෝකයක් ගෙන දෙයි. මක්නිසාද යත් එය දුෂ්කර වන අතරම ස්වයං අරගලයක් එයට අවශ්‍ය වන බැවිනි. එමෙන්ම එය ආශා කරන දැයින් සිරගත කරන බැවිනි. එහෙයින් එයට අදාළ තැනැත්තන් හට එය නිවැරුදි දෑ වෙත අඛණ්ඩව ආලෝකවත් කර මඟ පෙන්වනු ඇත. එය අල්ලාහ්ට කීකරු වීමෙහි සහ ඔහුට අකීකරු වීමෙහි ඉවසීම සහ මෙලොව විපත්ති සහ දුෂ්කරතා වලදී ඉවසීමයි. සැබැවින්ම අල් කුර්ආනය කියවීම තුළින් හා ඒ අනුව ක්‍රියා කිරීම තුළින් එය ඔබට පක්ෂ ව පිහිටයි. එසේ නැතහොත් පාරායන නොකර, ඒ අනුව ක්‍රියා නොකර එය අත්හැර දැමීමෙන් එය ඔබට එරෙහි ව පිහිටයි. සියලුම මිනිස්සු වෙහෙසෙති. ඔවුහු විසිරී යති. ඔවුන්ගේ නින්දෙන් අවදි වෙති. ඔවුන්ගේ නොයෙකුත් වැඩකටයුතු සඳහා ඔවුන්ගේ නිවෙස්වලින් බැහැරව යති යැයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දැනුම් දුන්හ. ඔවුන් අතරින් අල්ලාහ්ට අවනත වී ඍජු මාර්ගයේ ගමන් කර තම ආත්මය අපා ගින්නෙන් නිදහස් කර ගන්නා අය වෙති. එමෙන්ම එයට විරුද්ධව හා විකෘති ලෙස කටයුතු කර පාපයේ වැටී අපා ගින්නට ප්‍රවේශ වීමෙන් තම ආත්මය විනාශ කර ගන්නා අය ද වෙති.
පිරිසිදුකම වර්ග දෙකකි: වුළූ ගෙනීම හා ස්නානය කිරීම තුළින් ඇතිවන බාහිර පිරිසිදුකම. ඒකදේව වාදය පිළිගැනීම, දේවත්වය විශ්වාස කිරීම හා දැහැමි ක්‍රියාවන් සිදු කිරීම යනාදිය තුළින් ඇතිවන අභ්‍යන්තර පිරිසිදුකම.
සලාතයෙහි සුරක්ෂිත ව හා අඛණ්ඩ ව නිරත වීමේ වැදගත්කම. එය මෙලොවෙහි මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තාට ආලෝකයක් වේ.
"සදකාව" නොහොත් දානය දේව විශ්වාසය සහතික කිරීමේ සාක්ෂියකි.
අල් කුර්ආනය ඔබට පක්ෂ ව හෝ විපක්ෂ ව පිහිටන බැවින් ඒ අනුව ක්‍රියා කිරීමේ හා එය තහවුරු කිරීමේ වැදගත්කම.
ඔබ ආත්මය නැමදුම් කටයුතුවලදී කාර්යබහුල නොකළෙහි නම්, එය පාපයන්හි ඔබව කාර්ය බහුල කරනු ඇත.
සෑම මිනිසෙකුම තම වැඩකටයුතු සිදු කළ යුතු වේ. ඒ අනුව තමන් අවනත වීමෙන් තම ආත්මය මුදවා ගත යුතුය. එසේ නැතහොත් පාපය හේතුවෙන් එය විනාශ වී යනු ඇත.
ඉවසීම සඳහා විඳ දරාගැනීම සහ කුසල් බලා පොරොත්තුව අවශ්‍ය වේ. එය එතරම් පහසු කරුණක් නොවේ.
සහීහ් මුස්ලිම් (1/ 203) (223).
තවත් බලන්න (4)
شرح الأربعين لابن دقيق العيد (ص 84).
شرح الأربعين النووية للعثيمين (ص: 231).
الرياض الزكية شرح الأربعين النووية للخضير (ص 293).
فتح القوي المتين في شرح الأربعين للعباد (ص 79).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“الحمد لله تملأ الميزان، وسبحان الله، والحمد لله تملأن أو تملأ ما بين السماء والأرض”.
- شرح الأربعين النووية«الطُّهُورُ شَطْرُ الْإِيمَانِ، وَالْحَمْدُ لِلَّهِ تَمْلَأُ الْمِيزَانَ، وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ تَمْلَآنِ أَوْ: تَمْلَأُ مَا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ، وَالصَّلَاةُ نُورٌ، وَالصَّدَقَةُ بُرْهَانٌ، وَالصَّبْرُ ضِيَاءٌ،