Skip to content

“(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

“(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න"

«لاَ عَدْوَى وَلاَ طِيَرَةَ، وَلاَ هَامَةَ وَلاَ صَفَرَ، وَفِرَّ مِنَ المَجْذُومِ كَمَا تَفِرُّ مِنَ الأَسَدِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අඥාන යුගයේ පැවතුනු ඇතැම් කටයුතුවලින් ආරක්ෂා වනු පිණිස ඒවා අනතුරු ඇඟවීමක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළ අතරම සැබැවින්ම සියලුම කරුණු අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහුගේ නියෝගය හෝ ඔහුගේ පෙර නියමයෙන් තොරව කිසිවක් සිදු ‌නොවන බවත් පැහැදිළි කළහ. ඒවා නම්: පළමුවැන්න: රෝගය ඉබේ ‌ආසාධනය වන බව ආඥාන යුගයේ ජනයා සිතමින් සිටියහ. රෝගයක් රෝගියාගෙන් වෙනත් අයකුට ස්වභාවයෙන්ම ආසාධනය වන බව විශ්වාස කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. හේතුව විශ්වය තුළ සියලු දෑ ක්‍රියා කරවන්නා අල්ලාහ් වන බැවිනි. රෝගය පහළ කරන්නේත් එය ඉවත් කරන්නේත් ඔහු ය. ඒ කිසිවක් ඔහුගේ අභිමතය හා ඔහුගේ පෙර නියමය අනුව මිස සිදුවන්නේ නැත. දෙවැන්න: අඥාන යුගයේ ජනයා යම් ගමනක් හෝ යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා බැහැර ව ගිය විට, ඔවුන් පක්ෂියකු ඵලවා හරියි. ඌ දකුණු දෙසට පියඹා ගියේ නම් භාග්‍යයක් කොට සැළකූ අතර, ඌ වම් දෙසට පියාඹා ගියේ නම්, එය අභාග්‍යයක් කොට සලකා නැවත හැරී එති. මෙසේ පක්ෂීන් යොදා ගෙන ගුණනුගුණ බැලීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූ අතර සැබැවින්ම එම විශ්වාසය අර්ථවිරහිත බව ද පැහැදිළි කළහ. තුන්වැන්න: අඥාන යුගයේ ජනයා බකමූණෙකු නිවසක් මතට වැටුණේ නම් එම නිවැසියන්ට අභාග්‍යයක් අත්වන බව පවසමින් සිටියෝය. මෙවැනි අසුභවාදය පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. සිව්වැන්න: සෆර් මාසය මුල් කරගෙන සුභ අසුභ බැලීමෙන් ද වැළැක්වූහ. එය චන්ද්‍රමාස අනුව දෙවන මාසයයි. එමෙන්ම, සෆර් යනු මිනිසුන් මෙන්ම ‌සිවුපාවුන්ගේ කුසෙහි ඇතිවන පණු රෝගයක් බව ද පැවසේ. සැබැවින්ම එය පණු හොරි රෝගයට වඩා දරුණු බව ඔවුහු විශ්වාස කරමින් සිටියෝය. මෙම විශ්වාසය ද එතුමාණෝ නැති කළහ. පස්වැන්න: සිංහයාගෙන් පළා යන්නාක් මෙන් ලාදුරු රෝගය වැළඳුනු පුද්ගලයාගෙන් දුරස් වන මෙන් එතුමාණෝ නියෝග කර ඇත්තාහ. එය තමන්ට ආරක්ෂාව කර ගැනීමටයි. අල්ලාහ් නියෝග කර ඇති හේතුසාධක ක්‍රියාත්මක කිරීමකි. ලාදුරු රෝගය යනු මිනිස් අවයව කා දමන රෝගයකි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ් මත සියල්ල භාර කළ යුතු ය. ඔහු මතම රැඳී සිටිය යුතු ය. එමෙන්ම ආගමානුගත හේතු සාධක ක්‍රියාවට නැංවිය යුතුය.

අල්ලාහ්ගේ තීන්දුව හා ‌ඔහුගේ පෙර නියමය විශ්වාස කළ යුතු ය. සියලු හේතු සාධක අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඒවා ක්‍රියාත්මක කරවන්නේත් එහි බලපෑම් ඉවත් කරන්නේත් ඔහුම බව විශ්වාස කළ යුතු ය.

කළු හා රතු වර්ණ හෝ ඇතැම් අංක පිහිටීම හෝ ඇතැම් නාම, පුද්ගල හා ආබාධ සහිත පුද්ගලයින් පදනම් කර ගනිමින් ඇතැම් මිනිසුන් බලන අසුභවාදය ද නිෂ්ඵල බව මින් අදහස් වේ.

ලාදුරු රෝගීන්ට සහ බෝවන රෝග සහිත අයට සමීප වීම තහනම් කිරීමේ දී, එය අල්ලාහ්ගේ න්‍යාය ක්‍රියාත්මක කිරීමේ දී ඒ වෙත මෙහෙයවා ගෙන යන හේතු සාධක වේ. එම හේතුසාධක ස්වාධීන නොවේ. අල්ලාහ් කැමති නම්, එහි බලය ඉවත් කරයි. එවිට එය කිසිවකට බලපාන්නේ නැත. ඔහු කැමති නම්, එය පවතින්නට සළස්වයි. එවිට එය බලපෑම් ඇති කරයි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 126) (5707).

සහීහ් මුස්ලිම් (4/ 1742) (2220).

තවත් බලන්න (10)

فتح المجيد شرح كتاب التوحيد.

لعبد الرحمن التميمي (ص307).

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (1/ 565).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص228).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص253).

التمهيد لشرح كتاب التوحيد.

لصالح آل الشيخ (ص77).