Skip to content

මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි. එවිට මම: "අහෝ ජිබ්රිල්! මොවුන් කවුරුන්ද?" යැයි ඇසුවෙමි. හෙතෙම: 'මොවුන් මිනිසුන්ගේ මස් අනුභව කරමින් සිටි එනම් ඔවුන්ට අපහාස කරමින් සිටි උදවිය වේ." යැයි පැවසීය.

«لَمَّا عُرِجَ بِي مَرَرْتُ بِقَوْمٍ لَهُمْ أَظْفَارٌ مِنْ نُحَاسٍ يَخْمُشُونَ بها وُجُوهَهُمْ وَصُدُورَهُمْ، فَقُلْتُ: مَنْ هَؤُلَاءِ يَا جِبْرِيلُ، قَالَ: هَؤُلَاءِ الَّذِينَ يَأْكُلُونَ لُحُومَ النَّاسِ، وَيَقَعُونَ فِي أَعْرَاضِهِمْ».

අබූ දාවූද් එය වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: ඉස්රා හා මිඃරාජ් රාත්‍රියේ අහසට තමන් ආරෝහණ වූ කල්හි, තඹ නියපොතු සහිත තම මුහුණු සහ පපුව සීරා ඉරා දමමින් සිටින පිරිසක් තමන් පසුකර ගොස් ඇත. එවිට එතුමාණෝ ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාගෙන්: "මෙම දඬුවමට ලක්වන තරමට මොවුන් සිදු කර ඇත්තේ කුමක් ද?" යැයි විමසා සිටියහ. එවිට ජිබ්රිල් (අලෙයිහිස් සලාම්) තුමා: "මිනිසුන් ගැන කේළාම් පවසමින් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ අභිමානය කෙළසා කතා කරමින් සිටි අය වෙති." යැයි පැවසීය.

හදීසයෙන් උගත හැකි පාඩම්

කේළාම් කීම ගැන දැඩි අවවාදය. එසේ කේළාම් කීම මිනිස් මස් අනුභව කරන්නාට උපමා කර ඇත.

මිනිසුන්ගේ ආත්ම ගරුත්වය කෙළසමින් කේළාම් කීම හා ඒ හා සමාන අපවාද මහා පාපයන්ගෙන් වන්නේය.

'ඔවුන් සීරාගනිමින්' යන ප්‍රකාශය සම්බන්ධයෙන් තීබී තුමා මෙසේ පවසයි: "මුහුණ සහ පපුව සීරා ගැනීම මොර දී හඬන කාන්තාවන්ගේ ගුණාංග දෙකක් ව තිබිය දී එයම දෙවියන්ට අවනතව කටයුතු කරන්නන්ගේ මාන්‍යය කෙළසන පරිදි දොස් නගන, කේළාම් කියන අයට ප්‍රතිවිපාකය බවට පත් කර ඇත. එය පෙන්වා දෙනුයේ එම ගුණාංග දෙක පිරිමි ගුණාංග අතරින් නොවන බව ය. ඒ දෙකම ඉතා අවලස්සන හා විකෘති තත්ත්වයක පසුවන කාන්තාවන්ගේ ඇතැම් ගුණාංග අතරිනි.

ගුප්ත දෑ පිළිබඳ විශ්වාස කළ යුතු අතර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර කරුණක් දන්වා ඇත්තේ ද ඒ ගැන විශ්වාස කළ යුතුය.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 240) (4878/ 1).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (3/ 27).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 1042).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (18/ 180).