යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
«لَعَنَ اللهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ» قَالَتْ: فَلَوْلَا ذَاكَ أُبْرِزَ قَبْرُهُ، غَيْرَ أَنَّهُ خُشِيَ أَنْ يُتَّخَذَ مَسْجِدًا.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණ මංචකයේ දැඩි සේ රෝගාතුරව සිටිය දී මෙසේ ප්‍රකාශ කළ බව උම්මුල් මුඃමිනීන් හෙවත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා සිටියාය. "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ්ගේ ශාපය වේවා! ඔහුගේ කරුණාවෙන් ඔවුන් නෙරපා හරිත්වා! එය ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත් බැවින් හා ඒ මත ගොඩනැගිලි ඉදි කිරීම හෝ ඒ අබියස හෝ ඒ වෙත යාඥා කටයුතු සිදු කළ බැවිනි." පසුව ඇය මෙසේ පවසා සිටියා ය. "එම තහනම හෝ අවවාදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සිදු කරනු නොලැබුවේ නම් යුදෙව්වන් හා කිතුනුවන් තමන්ගේ නබිවරුන්ගේ සොහොන් සමග ක්‍රියා කළ පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල සමග ක්‍රිය කරනු ඇතැයි සහාබාවරු බිය නොවී නම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලැබ ප්‍රසිද්ධියට පත්වන්නට තිබුණි."
මෙය එතුමාණන්ගේ අවසන් දේශනා අතරින් එකකි. එය එහි වැදගත්කම සහ ඒ ගැන සැළකිලිමත් වීම ගැන පෙන්වා දෙයි.
මිනීවලවල් දේවස්ථාන ලෙස ගැනීම, ජනාසා සලාතය නොවන වෙනත් සලාත් එය ඉදිරියේ ඉටු කිරීම යන දේ දැඩි සේ හෙළා දකිනු ලබන අතර එය බලවත් තහනමකි. මෙය මළවුන් මහිමයට පත් කිරීම සඳහා නියම වූ නිදහසට කරුණකි. එම මිනීවල වටා යෑම, එහි කොන් ස්පර්ශ කිරීම, එහි නාමය පවසා ඇරයුම් කිරීම යනාදී සියලු දෑ අල්ලාහ්ට ආදේශ කිරීම් වන අතර ඒ සඳහා වන මාධ්‍යයන් වේ.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ දැඩි උනන්දුව, ඒකදේවවාදය කෙරෙහි එතුමාණන් දැක්වූ සැලකිල්ල සහ සොහොන් වන්දනාව කෙරෙහි ඇති බිය; මක්නිසාද යත් එය බහුදේවවාදයට මග පාදන කරුණක් වන බැවිනි.
තම නබිවරයාණන්ගේ මිනීවල අබියස ෂිර්ක් කටයුතු කිරීමෙන්, අල්ලාහ් එතුමාණන්ව ආරක්ෂා කළේය. එතුමාණන්ගේ මිනීවල හෙළි නොවන පරිදි ආරක්ෂා කිරීමට එතුමාණන්ගේ මිතුරන් මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණියවුන් ද වග බලා ගත්හ.
සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම. දේවත්වය ඒකීයකරණයේ දී ඔවුන් තුළ තිබූ උනන්දුව.
යුදෙව්වන්ට හා කිතුනුවන්ට සමානව කටයුතු කිරීමේ තහනම. මිනීවලවල් මත සොහොන් ඉදි කිරීම ඔවුන්ගේ පිළිවෙතකි.
මිනී වලවල් සලාත් ඉටු කරන දේවස්ථාන ලෙස ගැනීමත්, ඒ මත දේවස්ථානයක් ඉදි නොකළ ද එය නැමදුම් කරන දිශාවක් බවට පත් කර ගැනීමත් තහනම් වේ.
සහීහුුල් බුහාරි (2/ 102) (1390).
සහීහ් මුස්ලිම් (1/ 376) (529).
තවත් බලන්න (6)
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص292).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (2/ 376).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 236).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- حراسة التوحيددفن الموتى في المساجد«لَعَنَ اللَّهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ»،
- كتاب التوحيدكتاب التوحيد للشيخ محمد بن عبد الوهاب((لَعَنَ اللهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ))
- نبراس طالب (4)1«لَعَنَ اللهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ»