Skip to content

“මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”

අබූ මස්ඌද් අල් බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”

«إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

බිරිය, දෙමව්පියන් හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන පවුලේ වෙනත් අය වෙනුවෙන් මිනිසෙකු වියදම් කළ විට, ඔහු එමගින් උත්තරීතර අල්ලාහ්ට සමීප වීම, හා තමන් වියදම් කළ දෑ සඳහා ඔහුගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම 'සදකා' හෙවත් දානයේ ප්‍රතිඵල ඔහුට හිමි වේ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

තම පවුලට වියදම් කිරීම තුළින් කුසල් හා තිළිණ හිමි වේ.

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ඔහු අබියස ඇති කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම කටයුතුවල නිරත විය යුතුය.

සෑම ක්‍රියාවකම දැහැමි චේතනාව ඇති කර ගත යුතුය. ඒ අතරින් පවුලට වියදම් කරන අවස්ථාව ද එයට ආතුළුවිය යුතුය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 20) (55).

සහීහ් මුස්ලිම් (2/ 695) (1002).

තවත් බලන්න (8)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (5/ 334).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 157).

نزهة المتقين بشرح رياض الصالحين.

لمصطفى الخن وغيره (1/ 293).

بهجة الناظرين شرح رياض الصالحين.

سليم الهلالي (1/ 375).