Skip to content

කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත

උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ පුත් අබාන් විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට සවන් දුන් උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි.

කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත. කවරෙකු එය උදෑසන තුන්වරක් පවසන්නේ ද සවස් කාලය දක්වා හදිසි අනතුරු ඔහුට සිදුවන්නේම නැත. තවදුරටත් ඔහු මෙසේ වාර්තා කළේය: අබාන් ඉබ්නු උස්මාන් අල්-ෆාලිජ්ට එලෙස රෝගයක් අත්විය. ඔහුගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස බැලුවේය. එවිට හෙතෙම ඔහුට ඔබ මා වෙත බලන්නේ ඇයිදැ?යි විමසා සිටියේය. අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොකීවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත බොරුවක් කීවේ ද නැත. නමුත් අද දින මට වැළඳී ඇත්තේ මට වැළඳෙන්නට නියම වූ දෑය. මම කෝප වූයෙමි. එබැවින් එය පැවසීමට මම අමතක කළෙමි.

«مَنْ قَالَ بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ، ثَلَاثَ مَرَّاتٍ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلَاءٍ، حَتَّى يُصْبِحَ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ ثَلَاثُ مَرَّاتٍ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلَاءٍ حَتَّى يُمْسِيَ»، قَالَ: فَأَصَابَ أَبَانَ بْنَ عُثْمَانَ الْفَالِجُ، فَجَعَلَ الرَّجُلُ الَّذِي سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ، فَقَالَ لَهُ: مَا لَكَ تَنْظُرُ إِلَيَّ؟ فَوَاللَّهِ مَا كَذَبْتُ عَلَى عُثْمَانَ، وَلَا كَذَبَ عُثْمَانُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَلَكِنَّ الْيَوْمَ الَّذِي أَصَابَنِي فِيهِ مَا أَصَابَنِي غَضِبْتُ فَنَسِيتُ أَنْ أَقُولَهَا.

මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ෆජ්ර් උදාවීමෙන් පසු සෑම උදෑසනකම හා හිරු අවරට යෑමට පෙර සෑම සවස් කාලයකම කවරෙකු මෙම ප්‍රාර්ථනාව තුන්වරක් පවසා සිටින්නේ ද ඔහු ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. එනම් بِسْمِ اللَّهِ (අල්ලාහ්ගේ නාමයෙන්) හානිදායක සෑම දෙයකින්ම මම ආරක්ෂාව පතා උදව් පතමි. الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ (ඔහුගේ නාමය සමග කිසිදු අනතුරක් ඇති නොවන්නේය) එනම් ඔහුගේ නාමය සිහිපත් කිරීමත් සමග فِي الْأَرْضِ (මහපොළොවේ) එය මතුපිට ඇති වන දැයින් කිසිදු අනතුරක් ඇති නොවන අතර وَلَا فِي السَّمَاءِ (අහසෙහි) එයින් පහළ වන දැයින් කිසිදු අනතුරුක් ඇති නොවනු ඇත. وَهُوَ السَّمِيعُ අප පවසන ප්‍රකාශ පිළිබඳ (ඔහු සර්ව ශ්‍රාවකය.) الْعَلِيمُ අපගේ තත්ත්වයන් පිළිබඳ (ඔහු සර්වඥානීය.) සවස් කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේද උදෑසන එළැඹෙන තෙක් හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදුවන්නේ නැත. උදේ කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේ ද සවස් කාලය එළැඹෙන තෙක් ඔහුට හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදු වන්නේ නැත. මෙම හදීසය වාර්තා කළ අබාන් ඉබ්නු උස්මාන් තුමා ට අල්-ෆාලිජ් නැමැති රෝගයක් හට ගැණින. එය(අංශභාගය වැනි) ශරීරයේ එක් කොටසක් අඩපණ වීමය. අබාන්ගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස විමතියෙන් බලන්නට විය. එවිට හෙතෙම එම පුද්ගලයාට: ඔබ මා දෙස බලනුයේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොපැවසුවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මත බොරුවක් පවසාද නැත. නමුත් අද දින මා වෙත වැළදී ඇත්තේ මා පවසන්නට අල්ලාහ් නියම කළ දෑය. කෝපය මට ඇති විය. එබැවින් සඳහන් කළ මෙම වදන් පෙළ පවසන්නට මම අමතක කර දැමුවෙමි.

හදීසයෙන් උගත හැකි පාඩම්

උදෑසන කාලයේ හා සවස් කාලයේ මෙම ප්‍රාර්ථනාව මෙනෙහි කර සිටීම සතුටුදායක කරුණකි. හදිසි අනතුරක් සිදුවීමෙන් හෝ යම් අභාග්‍යයක් හට ගැනීමෙන් හෝ එවන් වෙනත් හානියක් සිදුවීමෙන් උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් යුතුව මිනිසා ආරක්ෂාව ලබන බැවිනි.

අල්ලාහ් පිළිබඳ හා අල්ලාහ්ගේ දූතයාණන් කවර කරුණක් දන්වා සිටියේ ද එය තහවුරු කිරීමෙහි මුල් මුතුන්මිත්තන් තුළ තිබූ බලවත් විශ්වාසය.

උදෑසන කාලයේ හා සවස් කාලයේ මෙම දිකරය පැවසීමට නියම කර තිබීමේ හරය නම්, මුස්ලිම්වරයා ඒ ගැන සැළකිලිමත් වී, සැබැවින්ම තමන් උත්තරීතර අල්ලාහ්ගේ ගැත්තෙකු බව නිරන්තරයෙන්ම ඔහුගේ සිතට ගෙන ඒමය.

අල්ලාහ්ව මෙනෙහි කරන්නාගේ විශ්වාසය, ඔහු තබන භක්තිය, අවංක ලෙස හා විශ්වාසයෙන් යුතුව ඒ ගැන ඔහුගේ සිතට ගැනීම යනාදී දෑහි ප්‍රමාණයට අනුව මෙම ප්‍රාර්ථනාවේ බලපෑම සහතික වනු ඇත.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 419) (5088).

සුනන් අත් තිර්මිදි (5/ 396) (3388).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (9/ 11) (9759).

සුනන් ඉබ්නු මාජහ් (5/ 35) (3869).

මුස්නද් අහ්මද් (1/ 498) (446).

තවත් බලන්න (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 528).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 997).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (17/ 314).

مرعاة المفاتيح شرح مشكاة المصابيح.

للمباركفوري (8/ 130).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

للقاري (4/ 1659).