“කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
«مَنْ رَدَّ عَنْ عِرْضِ أَخِيهِ رَدَّ اللهُ عَنْ وَجْهِهِ النَّارَ يَوْمَ الْقِيَامَةِ».
කවරෙකු තම සහෝදරයා නැති තැන ඔහුට අපහාස කිරීමෙන් හෝ නපුරක් කිරීමෙන් වැළකී, ඔහුගේ මාන්‍යය කෙළෙසීමෙන් ඔහු ආරක්ෂා කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගෙන් දඬුවම ඉවත් කරනු ඇත.
عِرْضِ أَخِيهِ: العرض هو ما يُمْدَح به الإنسان أو يذم.
මුස්ලිම්වරුන්ගේ මාන්‍යය කෙළෙසන කරුණු සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටීම.
ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටනු ඇත. කවරෙකු තම සහෝදරයාගේ මාන්‍යය කෙළෙසීමෙන් වළක්වන්නේ ද අල්ලාහ් ඔහුගෙන් අපා ගින්න වළක්වනු ඇත.
ඉස්ලාම් යනු එහි ජනතාව අතර සහෝදරත්වයේ සහ සහයෝගයේ ආගමකි.
සුනන් අත් තිර්මිදි (3/ 488) (1931).
මුස්නද් අහ්මද් (45/ 528) (27543).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 499).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 349).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 437).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 692).