“යුදෙව්වන් හා කිතුනුවන් කෙරහි නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි කෙළවරින් ගමන් කිරීමට සළස්වනු.”
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“යුදෙව්වන් හා කිතුනුවන් කෙරහි නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි කෙළවරින් ගමන් කිරීමට සළස්වනු.”
«لَا تَبْدَؤوا الْيَهُودَ وَلَا النَّصَارَى بِالسَّلَامِ، فَإِذَا لَقِيتُمْ أَحَدَهُمْ فِي طَرِيقٍ فَاضْطَرُّوهُ إِلَى أَضْيَقِهِ».
යුදෙව්වන් හා කිතුනුවන් දිම්මී හෙවත් ඉස්ලාමීය රාජ්‍යය තුළ වෙසෙන සුළුතර අය වුව ද ඔවුන් කෙරෙහි සලාම් පවසා කතාව ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. දේවත්වය ප්‍රතික්ෂේප කරන මිථ්‍යා දෘෂ්ටිකයින්ට ද එලෙසමය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. සැබැවින්ම අපි ඔවුන් මාර්ගයක දුටු විට මාර්ගයේ අයිනට ඔවුන් යොමු කළ යුතු වේ. මාර්ගයේ මැද ගමන් කළ යුත්තේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාය. පසෙකට වී සිටින තැනැත්තා දේවවිශ්වාස නොකරන්නා වන අතර මුස්ලිම්වරයා කිසිම ආකාරයකින් නින්දාවට පත් නොවේ.
යුදෙව්වන් හා කිතුනුවන් හෝ වේවා ඔවුන් හැර දේවත්වය ප්‍රතික්ෂේප කරන සෙසු මිථ්‍යාදෘෂ්ඨිකයින් හෝ වේවා ඔවුන් කිසිවකු කෙරෙහි සලාම් පවසා ආරම්භ කිරීම මුස්ලිම් වරයකුට යුතු වන්නේ නැත.
ඔවුන් සලාම් පවසා ආරම්භ කළේ නම් ඒ සඳහා 'වඅලයිකුම්' (ඔබටත් එසේම වේවා) යන පැතුමෙන් ප්‍රතිචාර දැක්විය හැක.
හේතුවක් නොමැතිව හිතාමතාම දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයකුට පටු මාවතකට යොමු කරමින් හානියක් කිරීමට මුස්ලිම්වරයෙකුට අවසර නැත. නමුත් මාර්ගය පටු හෝ ජනාකීර්ණ නම්, එයට වැඩි අයිතියක් ඇත්තේ දෙවියන්ට අවනත වූ තැනැත්තාට ය. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා එයින් වැළකී සිටිය යුතුය.
දෙවියන්ට අවනත වූවන්ගේ අභිමානය අන් අයගේ පහත්බව විදහා පෑම. කිසිදු අසාධාරණයකින් හෝ අසභ්‍ය කථාවකින් තොරව එය විය යුතුය.
සර්ව බලධාරී අල්ලාහ් කෙරෙහි තබා ඇති අවිශ්වාසය නිසා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සීමා කිරීම ඔවුන් ඉස්ලාම් ආගම තුළට ප්‍රවේශ වීමට හේතුවක් වී ඔවුන් අපා ගිින්නෙන් මිදීමට හැක. එය සිදු වන්නේ එසේ කිරීමට හේතුව දැන ගත්තේ නම් පමණි.
අවශ්‍ය වූ විටෙක 'ඔබේ සැප සනීප කොහොමද? උදෑසන අවදි වූයේ කොහොම ද? සනද්‍යා කාලය ගත කළේ කොහොම ද? යනුවෙන් මුස්ලිම්වරයෙක් කාෆිර්වරයකුට ආරම්භයේ පවසා සිටීම වරදක් නැත. මන්දයත් තහනම සලාම් මත පදනම් වූ බැවිනි.
අත්-තීබී තුමා මෙසේ පැවසීය: ආගම විකෘති කරන්නෙකුට සලාම් පවසා ආරම්භ නො කිරීම විශිෂ්ඨයි. නාදුනන අයෙකුට සලාම් පවසා පසුව ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන දිම්මි කාෆිර්වයෙකු ලෙස හෝ ආගම විකෘති කරන්නෙකු ලෙස හෝ පෙනී ගියහොත් ඔහුට කෙරෙන අපහාසයක් ලෙස මාගේ සලාමය මා නැවත හරවා ගනිමි යැයි පවසා සිටිය යුතුයි.
සහීහ් මුස්ලිම් (4/ 1707) (2167).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 141).
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (7/ 303).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 42).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 670).