මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අනිවාර්යය සෑම සලාතයක මෙන්ම රමළාන් හා අනෙකුත් මාසවල ඉටු කරනු ලබන සෙසු සලාත්වල ද එතුමා තක්බීර් පවසන්නෙකු විය. ඒ අනුව එතුමා නැගී සිටින විට තක්බීර් පවසයි, පසුව රුකූ කරන විට ද තක්බීර් පවසයි. පසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යනුවෙන් පවසයි. සුජූද් කිරීමට පෙර රබ්බනා වලකල් හම්දු යැයි පවසයි. පසුව සුජූද් කිරීම සඳහා නැවෙන විට අල්ලාහු අක්බර් යැයි පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. පසුව නැවතත් සුජූද් කරන විට තක්බීර් පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. දෙවන රකආතයේ ඉඳුමෙන් නැගිටින විට ද තක්බීර් පවසයි. එලෙස සලාතය අවසන් වන තුරුම සෑම රකආතයකම සිදු කරයි. පසුව හැරී මෙසේ පවසයි: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි.
أنه كَانَ يُكَبِّرُ فِي كُلِّ صَلَاةٍ مِنَ الْمَكْتُوبَةِ وَغَيْرِهَا، فِي رَمَضَانَ وَغَيْرِهِ، فَيُكَبِّرُ حِينَ يَقُومُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ، ثُمَّ يَقُولُ: سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ، ثُمَّ يَقُولُ: رَبَّنَا وَلَكَ الْحَمْدُ، قَبْلَ أَنْ يَسْجُدَ، ثُمَّ يَقُولُ: اللهُ أَكْبَرُ حِينَ يَهْوِي سَاجِدًا، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ، ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ، ثُمَّ يُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الْجُلُوسِ فِي الِاثْنَتَيْنِ، وَيَفْعَلُ ذَلِكَ فِي كُلِّ رَكْعَةٍ، حَتَّى يَفْرُغَ مِنَ الصَّلَاةِ، ثُمَّ يَقُولُ حِينَ يَنْصَرِفُ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، إِنِّي لَأَقْرَبُكُمْ شَبَهًا بِصَلَاةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِنْ كَانَتْ هَذِهِ لَصَلَاتَهُ حَتَّى فَارَقَ الدُّنْيَا.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයේ ස්වරූපයෙන් කොටසක් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර සිටියි. එතුමා සලාතය සූදානම් වී ඒ සඳහා නැගී සිටින විට, ප්‍රාරම්භක තක්බීරය පවසයි. පසුව රුකූඋ වෙත විතැන් වන විටත් සුජූද් කරන විටත් සුජූදයෙන් තම හිස ඔසවන විටත් දෙවන සජදාව ඉටු කරන විටත් රකආත් තුනේ හෝ හතරේ සලාතයන්හි දෙවන රකආතයේ පළමු තෂහ්හුද් සඳහා වාඩි වීමෙන් පසු නැගිට සිටින විටත් තක්බීර් පවසයි. පසු ව සලාතය නිමා කරන තෙක් සියලු රකආත්වල දී මෙලෙස කටයුතු කරයි. එතුමා රුකූවෙන් තම පිට ඔසවා ගන්නා අවස්ථාවේ සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසයි. පසුව නැගිටිමින්ම 'රබ්බනා ලකල් හම්දු' යැයි පවසයි. පසුව අබූ හුරෙයිරා තුමා සලාතයෙන් හැරෙන අවස්ථාවේ මෙසේ පවසයි: 'මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි' යැයි පැවසීය.
...:
රුකූවෙන් නැගිටින අවස්ථාවේ හැර, නැවෙන නැගිටින සෙසු සෑම ඉරියව්වක අතරවාරයේම තක්බීර් පවසනු ඇත. රුකූවෙන් නැගිටින විට 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීමටත් එතුමාණන්ගේ සුන්නාව ආරක්ෂා කිරීමටත් සහාබාවරු තුළ තිබූ උනන්දුව.
සහීහුුල් බුහාරි (1/ 159) (803).
සහීහ් මුස්ලිම් (1/ 293) (392).
(9/ 199).
තවත් බලන්න (2)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (9/ 194).
عمدة القاري شرح صحيح البخاري (6/ 80).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«أنه كَانَ يُكَبِّرُ فِي كُلِّ صَلاَةٍ مِنَ المَكْتُوبَةِ، وَغَيْرِهَا فِي رَمَضَانَ وَغَيْرِهِ، فَيُكَبِّرُ حِينَ يَقُومُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ، ثُمَّ يَقُولُ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، ثُمَّ يَقُولُ: رَبَّنَا وَلَكَ الحَمْ
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«أَنَّه كَانَ يُكَبِّرُ فِي كُلِّ صَلَاةٍ مِنَ المَكْتُوبَةِ، وَغَيْرِهَا فِي رَمَضَانَ وَغَيْرِهِ، فَيُكَبِّرُ حِينَ يَقُومُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ، ثُمَّ يَقُولُ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، ثُمَّ يَقُولُ: رَبَّنَا وَلَكَ الح
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«أَنَّهُ كَانَ يُكَبِّرُ فِي كُلِّ صَلَاةٍ مِنَ الْمَكْتُوبَةِ وَغَيْرِهَا، فِي رَمَضَانَ وَغَيْرِهِ، فَيُكَبِّرُ حِينَ يَقُومُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ، ثُمَّ يَقُولُ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، ثُمَّ يَقُولُ: رَبَّنَا وَلَكَ ا