ජනාසා (මිය ගිය දේහයේ) කටයුතු ඉක්මන් කරන්න. එය යහපත් එකක් නම් ඔබ ඉදිරිපත් කිරීම හොඳය. ඒ හැර වෙනත් දෙයක් වී නම් ඔබේ කරවලින් එය ඉවත තබන නපුරකි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ජනාසා (මිය ගිය දේහයේ) කටයුතු ඉක්මන් කරන්න. එය යහපත් එකක් නම් ඔබ ඉදිරිපත් කිරීම හොඳය. ඒ හැර වෙනත් දෙයක් වී නම් ඔබේ කරවලින් එය ඉවත තබන නපුරකි."
«أَسْرِعُوا بِالْجِنَازَةِ، فَإِنْ تَكُ صَالِحَةً فَخَيْرٌ تُقَدِّمُونَهَا، وَإِنْ يَكُ سِوَى ذَلِكَ، فَشَرٌّ تَضَعُونَهُ عَنْ رِقَابِكُمْ».
ජනාසා (මිය ගිය දේහය) සූදානම් කිරීම, ඒ සඳහා නියම වූ සලාතය ඉටු කිරීම, හා එය වළ දැමීම යනා දී එහි කටයුතු ඉක්මන් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එම ජනාසාව යහපත් වී නම් යහපතකි. මිනීවල තුළ ඇති සැපත ලබන්නට ඒ වෙත ඔබ ඔහුව ඉදිරිපත් කරන්න. ඒ හැර වෙනත් දෙයක් වී නම් එය නපුරුය. ඔබේ කරවලින් එය අහක තබන්න. යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: ඉක්මන් කිරීම සතුටුදායක නමුත් එය එතරම් දරුණු නොවන පරිදි විය යුතුයි. මළවුන්ට හානියක් වේ යැයි හෝ අන් අයට දුෂ්කරතාවයක් ඇති වේ යැයි බියක් නොහැඟුණු අවස්ථාවක එසේ විය හැකිය.
ඉක්මන් කිරීම කොන්දේසියක් ලෙස නියම වනුයේ හදිසි මරණයක් සිදු නොවුනු විටෙක ය. එසේ වූ විටෙක මරණය සහතික කර ගන්නා තෙක් වළ දමනු නොලැබේ. එසේත් නැතහොත් ජනාසා සලාතයට සහභාගී වන පිරිස අධික කර ගැනීම, ඥාතීන්ගේ සහභාගීත්වය වැනි යම් යහපත් කටයුත්තක් සඳහා දේහය කුණු වී යනු ඇතැයි බියක් නොවී නම් එය සුළු කාලයක් ප්‍රමාද කළ හැකිය.
මෘත දේහයක් භාග්‍යවන්ත නම්, එහි යහපත උදෙසාත් එය අභාග්‍යවන්ත නම් ශෝකය ඵල කරන්නන්ගේ යහපත උදෙසාත් එහි අවසන් කටයුතු ඉක්මන් කිරීමට උනන්දු කිරීම.
නවවි තුමා මෙසේ පවසයි: මින් ගත යුතු කරුණ නම් අශිෂ්ඨයින් සමඟ වූ බැඳියාව අත්හැර දැමීමය.
සහීහුුල් බුහාරි (2/ 86) (1315).
සහීහ් මුස්ලිම් (2/ 651) (944).
තවත් බලන්න (4)
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص284).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (2/ 367).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- أحكام الجنائز(أَسْرِعُوا بِالْجِنَازَةِ، فَإِنْ تَكُ صَالِحَةً فَخَيْرٌ تُقَدِّمُونَهَا، وَإِنْ يَكُ سِوَى ذَلِكَ، فَشَرٌّ تَضَعُونَهُ عَنْ رِقَابِكُمْ).
- مجموعة زاد الفقه (2)الفقه للمستوى الثاني ( مجموعة زاد )«أسرعوا بالجنازة، فإن تك صالحة فخير تقدمونها إليه، وإن يك سوى ذلك، فشرٌّ تضعونه عن رقابكم».