දික්ර් හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩාත් උතුම් වන්නේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ්"ය. දුආ හෙවත් ප්‍රාර්ථනා අතරින් වඩාත් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලාහ්"ය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"දික්ර් හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩාත් උතුම් වන්නේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ්"ය. දුආ හෙවත් ප්‍රාර්ථනා අතරින් වඩාත් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලාහ්"ය."
«أَفْضَلُ الذِّكْرِ: لَا إِلَهَ إِلَّا اللهُ، وَأَفْضَلُ الدُّعَاءِ: الْحَمْدُ لِلهِ».
දික්ර් හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩාත් උතුම් වන්නේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ්"(නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන්න පැවසීම බවත්, එනම් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නොමැති බවය. එමෙන්ම දුආ හෙවත් ප්‍රාර්ථනා අතරින් වඩාත් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලාහ්" යැයි පැවසීම බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට දන්වා සිටියි. එය සැබැවින්ම ආශිර්වාද කරන්නා ශුද්ධ වූ අල්ලාහ් බවත් සියලු අලංකාර පූර්ණවත් ගුණාංගවල හිමිකරු ඔහු බවත් පිළිගැනීමය.
...:
ඒකීයකරණය කිරීමේ ප්‍රකාශය තුළින් අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීමටත් ප්‍රශංසා කරමින් ප්‍රාර්ථනා කිරීමටත් දිරි ගන්වා ඇත.
සුනන් අත් තිර්මිදි (5/ 393) (3383).
තවත් බලන්න (4)
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (2/ 984).
زاد المعاد في هدي خير العباد.
ابن قيم الجوزية (1/ 36).