Skip to content

“අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”

අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි කල්හි එතුමාණන්ව මුණ ගැසීමට ජනයා දිව ගියහ. "අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ ඇත, අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ ඇත, අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ ඇත යැයි" තුන් වරක් ප්‍රකාශ කරනු ලැබීය. එවිට එතුමාණන්ව දැක ගන්නට ජනයා අතර මම ද පැමිණ සිටියෙමි. එතුමාණන්ගේ මුහුණ පැහැදිලිව දුටු කල්හි සැබැවින්ම එතුමාණන්ගේ මුහුණ මහා බොරුකාරයකුගේ මුහුණක් නොවුනු බව මම වටහා ගත්තෙමි. එතුමාණන් කතා කළ දැයින් පළමුව මාගේ කනට වැකුණු ප්‍රකාශය වනුයේ:

“අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”

«يَا أَيُّهَا النَّاسُ، أَفْشُوا السَّلَامَ، وَأَطْعِمُوا الطَّعَامَ، وَصِلُوا الْأَرْحَامَ، وَصَلُّوا بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ، تَدْخُلُوا الْجَنَّةَ بِسَلَامٍ».

මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි කල්හි, මිනිසුන් එතුමාණන්ව දැක ගන්නට එතුමාණන් දෙසට දිව ගියෝය. එසේ එතුමාණන් වෙත දිව ගිය අය අතරින් අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා ද එක් අයෙකි. හෙතෙම යුදෙව්වෙකු විය. එතුමාණන්ව ඔහු දුටු කල්හි එතුමාණන්ගේ මුහුණෙහි බොරුකාරයකුගේ මුහුණක් දකින්නට නොතිබූ බව හදුනා ගත්තේය. එතුමාණන්ගේ මුහුණෙහි ආලෝකය, අලංකාරය, සැබෑ කීර්තිය දිස් විය. ඔහු එතුමාණන්ට සවන් දුන් පළමු කරුණ වූයේ ස්වර්ගයට පිවිසීමට හේතු වන ක්‍රියාවන් පවසා ජනයා දිරිමත් කිරීම ය. පළමුවැන්න: සලාමය පැතිරවීම, එය හෙළි කිරීම, හදුනන අය හා නාදුනන අය වෙත අධික ව සලාම් පැවසීම ය. දෙවැන්න: දානය, ත්‍යාගය හා සත්කාරය තුළින් ආහාර සැපයීම. තුන්වැන්න: ‌ඔබේ පියා හෝ මව් පාර්ශවයෙන් ඔබට ඥාතී වන හෝ සමීප සම්බන්ධතා ඇති අය සමග ඥාතී සම්බන්ධකම් පැවැත්වීම. සිව්වැන්න: මිනිසුන් නිදියමින් සිටියදී රාත්‍රියේ අවදි ව, අතිරේක සලාතයන් ඉටු කිරීම.

හදීසයෙන් උගත හැකි පාඩම්

මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීමේ යෝග්‍යතාව, මුස්ලිම් නොවන අය සම්බන්ධයෙන් වනාහි, සලාම් පවසා ආරම්භ කරනු නොලබන අතර එසේ ඔවුන් 'අස්සලාමු අලයිකුම්' යැයි සලාම් පවසා සිටියේ නම්, පිළිතුරු වශයෙන් 'වඅලයිකුම්' ඔබටත් එසේම වේවා යැයි පවසා සිටිය යුතුය.

මූලාශ්‍ර

සුනන් ඉබ්නු මාජහ් (4/ 397) (3251).

සුනන් අත් තිර්මිදි (4/ 264) (2485).

මුස්නද් අහ්මද් (39/ 201) (23784).

තවත් බලන්න (8)

توضيح الأحكام من بلوغ المرام.

لعبد الله البسام (2/ 454).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (3/ 299).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 440).

سبل السلام بشرح بلوغ المرام.

لمحمد الصنعاني (2/ 693).