“මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන නුඹලා (මගෙන් විමසීමෙන්) මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන් අධික ලෙස ප්‍රශ්න විමසා සිටි හෙයින් හා නබිවරුන් පිළිබඳ ඔවුන් මතභේද ඇති කරගත් හෙයිනි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන නුඹලා (මගෙන් විමසීමෙන්) මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන් අධික ලෙස ප්‍රශ්න විමසා සිටි හෙයින් හා නබිවරුන් පිළිබඳ ඔවුන් මතභේද ඇති කරගත් හෙයිනි. මා නුඹලාට යමක් වැළැක් වූ විට, නුඹලා එයින් වැළකෙනු. මා යම් නියෝගයක් නුඹලාට නියෝග කළ විට නුඹලා එය හැකි පමණින් ඉටු කරනු.”
«دَعُونِي مَا تَرَكْتُكُمْ، إِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِسُؤَالِهِمْ وَاخْتِلَافِهِمْ عَلَى أَنْبِيَائِهِمْ، فَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فَاجْتَنِبُوهُ، وَإِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ».
"සැබැවින්ම ආගමික නීති කරණය කොටස් තුනකට බෙදී තිබේ. එනම් ඒ ගැන නිහඬවූ දේ, තහනම් කළ දේ හා ඉටු කරන ලෙස නියෝග කළ දේ" යැයි නබි සල්ලල්ලහු අලෙයිහි ව සල්ලම් තුමාණන් සඳහන් කළහ. පළමුවැන්න: ආගම ඒ් ගැන කිසිදු තීන්දුවක් නොදී නිහඬව සිටීමය. යම් කයුතුවල තීන්දුවක් නැති නම්, ඒ්වා සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්තිය වනුයේ ඒවා අනිවාර්යය නොවන බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලය වනාහි, යමක් අනිවාර්යය වේ යැයි හෝ තහනම් වේ යැයි හෝ බියෙන්, සිදු නොවූ දෙයක් පිළිබඳ විමසීම අනිවාර්යයෙන්ම අත්හැර දැමිය යුතු කාලයක් විය. හේතුව, සැබැවින්ම අල්ලාහ් ඒවා අත්හැර දැමුවේ ගැත්තන් හට ආශිර්වාදයක් වශයෙනි. එතුමාණන්ගෙන් පසු වූ කාලය වනාහි, ප්‍රශ්න කිරීම නීති පැතීමේ පදනම හෝ ඉගැන්වීමේ පදනම මත වී නම්, ඔහුට ආගමික කරුණක් ගැන විමසීමට අවශ්‍යතාව වී නම්, එය අනුමත කාර්යයක් පමණක් නොව එසේ ප්‍රශ්න කර සිටීම නියෝග කරනු ලැබූවකි. එය අනවශ්‍ය යටි අරමුණක් ඇතිව ප්‍රශ්න ඇසීම වනාහි හදීසයේ සඳහන්වී ඇති පරිදි යමක් ගැන විමසීම අත්හැරීම සුදුසුයි යන අදහස එයයි. එය ඉස්රාඊල් දරුවන්ට අත් වූ දෑ මෙන් දෙයක් වෙත යොමු වනු ඇත. ඔවුනට එළදෙනක් කැපීමට නියෝග කරනු ලැබූ විට කවර හෝ එළදෙනක් කපා එය සිදුකරන්නට තිබුණ ද ඔවුන් ඒ ගැන දැඩිව විමසන්නට ගත්හ. පසුව එය ඔවුනට දැඩි විය. දෙවැන්න: තහනම් කිරීම්: එනම්, එය අත් හැර දැමූ අයට කුසල් ලැබෙන අතර එය සිදු කළ අයට දඬුවම් හිමි වනු ඇත. එබැවින් ඒ සියලු දැයින් වැළකී සිටීම අනිවාර්යය වේ. තුන්වැන්න: නියෝග: එනම් එය සිදු කළ අයට කුසල් ලැබෙන අතර එය අත්හරින අයට දඬුවම් හිමි වනු ඇත. එබැවින් තමන්ට හැකි පමණින් එය ඉටු කිරීම අනිවාර්යය වේ.
තමන්ට අවශ්‍ය වඩාත් වැදගත් දෑහි පමණක් නිරත විය යුතු අතර එම තත්ත්වයේ තමන්ට අවශය නැති දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම සිදු නොවූ දෑ පිළිබඳ ප්‍රශ්ණ කිරීමෙහි නිරත නොවිය යුතු ය.
ගැටලු සංකීර්ණ කළ හැකි ප්‍රශ්න ඇසීමේ සහ බොහෝ මතභේදවලට තුඩු දෙන සැකයන් සඳහා දොර විවර කිරීම තහනම්ය.
තහනම් කරන ලද සියලු දෑ අත්හැර දැමීමේ නියෝගය. එය අත්හැරීමේ දුෂ්කරතාවක් නැත. පොදුවේ ඒ ගැන තහනම පිහිටා ඇත්තේ එබැවිනි.
නියෝග කරන ලද දෑ හැකි පමණින් ඉටු කිරීමේ නියෝගය. හේතුව ඇතැම් විට දුෂ්කර දෑ අනිවාර්යය විය හැක. එසේ නැතහොත් එය කිරීමට ඔහුට අපොහොසත් විය හැක. නියෝගය කෙනෙකුගේ ශක්ති ප්‍රමාණයට අනුව පිහිටා ඇත්තේ එබැවිනි.
අධික ලෙස ප්‍රශ්න කිරීම තහනම් වේ. ප්‍රශ්ණ ඇසීම කොටස් දෙකකට විද්වතුන් බෙදා දක්වා ඇත. ඒවායින් පළමුවැන්න: තමන්ට අවශ්‍ය ආගමික කටයුතු දැන ගැනීමේ පදනම මත වූවකි. මෙය නියෝග කරනු ලැබූවක් මෙන්ම සහාබාවරුන් විමසා සිටි ප්‍රශ්නවල වර්ගය ද එය විය. දෙවැන්න: අනවශ්‍ය ලෙස යටි අරමුණු පදනම් කරමින් ප්‍රශ්න ඇසීම. වළක්වනු ලැබ ඇත්තේ මෙයයි.
පෙර විසූ සමූහයන් අතර සිදු වූ අයුරින් මෙම සමූහයා තම නබිවරයාට අකීකරු වීම ගැන අනතුරු ඇඟවීම.
අනවශ්‍ය ප්‍රශ්න අධික ලෙස විමසීමත්, නබිවරුන් ගැන මතභේද ඇති කර ගැනීමත් විනාශයට හේතුවකි. විශේෂයෙම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා ගුප්ත දෑ ගැන හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තත්ත්වයන් පිළිබඳ ප්‍රශ්න මෙන් ඒ වෙත ලඟා වීමට නොහැකි කරුණු වලදී එය පිළිපැදිය යුතු වේ.
දුෂ්කර කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමේ තහනම, අල්අව්සාඊ තුමා මෙසේ පැවසීය: “ඇත්තෙන්ම අල්ලාහ් තම ගැත්තාගේ දැනුමේ සමෘද්ධිය නැති කිරීමට කැමති නම්, ඔහු ඔහුගේ දිවට ගොත ගැසීම් ඇති කරයි. ඔබව ඔවුන් ජනයා අතරින් අඩු දැනුමක් ඇත්තන් ලෙස දකිනු ඇත. ඉබ්නු වහබ් තුමා මෙසේ පවසයි: මාලික් පවසනු මම අසා ඇත්තෙමි: 'දැනුම තුළ කුහකත්වය මිනිසාගේ හදවතින් දැනුමේ ආලෝකය ඉවත් කරයි.'
සහීහුුල් බුහාරි (9/ 94) (7288).
සහීහ් මුස්ලිම් (2/ 975) (1337).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 236).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 181).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 268).
පොත්වල උපුටා දක්වා ඇත
8 පොත්තවත් බලන්න (8)
- آداب المشي إلى الصلاة"إذا أمرتكم بأمر فأتوا منه ما استطعتم" .
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«إِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ»[470].
- ما لا يسع المسلم جهله«إِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ» [11].
- مجموعة زاد الفقه (2)الفقه للمستوى الثاني ( مجموعة زاد )«إذا أمرتكم بأمر فأتوا منه ما استطعتم».
- مجموعة زاد التربية الإسلامية (4)التربية الإسلامية 4«دَعُونِي ما تَرَكْتُكُمْ، إِنَّما هَلَكَ مَنْ كانَ قَبْلَكُمْ بِسُؤالِهِمْ واخْتِلاَفِهِمْ على أَنْبِيائِهِمْ، فَإِذا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فاجْتَنِبُوهُ، وَإِذا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا منْهُ ما اسْتَطَعْتُمْ».
- مجموعة زاد التربية الإسلامية (4)التربية الإسلامية 4«إِنَّما هَلَكَ مَنْ كانَ قَبْلَكُمْ بِسُؤالِهِمْ واخْتِلاَفِهِمْ على أَنْبِيائِهِمْ»؟
- مجموعة زاد الحديث(3)1(فأتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ)
- مجموعة زاد الحديث(3)1«فأتُوا مِنْهُ مَا استَطَعتُمْ».