“කවරෙකු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර, පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර, පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේද ඒ තැනැත්තා අපතේ හැරියේය.”
«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ أَتَى الْجُمُعَةَ فَاسْتَمَعَ وَأَنْصَتَ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ وَزِيَادَةُ ثَلَاثَةِ أَيَّامٍ، وَمَنْ مَسَّ الْحَصَى فَقَدْ لَغَا».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. කවරෙකු වුළූ ධෝවනය කර, ඔහුගේ එම වුළූ ධෝවනයට අදාළ මූලිකාංග, එයට අදාළ සුන්නාවන් හා එහි නිසි ක්‍රමය පිළිපදිමින් එය පූර්ණවත් කර, පසුව ජුමුආ සලාතය සඳහා පැමිණ නිහඬ ව සිට, දේශකයාට සවන් දී, අනවශ්‍ය දැයින් ඔහු ඉවත්ව සිටියේ ද, එම ජුමුආ සලාතයේ සිට දෙවන ජුමුආ සලාතය දක්වා හා ඊට අමතරව තවත් දින තුනක් සමග දින දහයක සුළු පාපයන් සඳහා අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එසේ හිමි වනුයේ සැබැවින්ම යහපතට ඒ හා සමාන දස ගුණයක් හිමිවන බැවිනි. කුත්බා දේශනයේ පවසනු ලබන දෑ හදවතට නොගැනීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ. ගල් කැට ස්පර්ශ කිරීම හා එවැනි වෙනත් කටයුතු වල ශරීර අවයව නිරත කරවීමෙන් එම අවදානය නැති වී යනු ඇත. සැබැවින්ම කවරෙකු එලෙස සිදු කළේ ද සැබැවින්ම ඔහු සලාතය විනාශ කර ගත්තේය. කවරෙකු එය විනාශ කර ගත්තේද එවිට ජුමුආවට අදාළ පරිපූර්ණ කුසලෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත.
වුළූ ඉටු කිරීමට හා එය පූර්ණවත් ලෙසින් සම්පූර්ණ කිරීමට උනන්දු කරවීම. ජුමුආ සලාතය නොකඩවා පිළිපැදීම.
ජුමුආ (සිකුරාදා) සලාතයේ මහිමය
ජුමුආ දේශනාව සඳහා නිහඩතාව රැකිය යුතු ය. එමෙන්ම කතා කිරීම හෝ වෙනත් කරුණුවල අවධානය යොමු කිරීම හෝ නොකළ යුතුය.
කුත්බා දේශනාව අතරවාරයේ කවරෙකු එලෙස විනාශ කර ගත්තේ ද ඔහුගේ සලාතය වලංගු වේ. එනමුත් ප්‍රතිඵල අඩුවීමත් සමග අනිවාර්යය වගකීම ඉවත් කරවන්නක් වනු ඇත.
සහීහ් මුස්ලිම් (2/ 588) (857).
තවත් බලන්න (6)
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 824).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 313).
النهاية في غريب الحديث والأثر.
لابن الأثير(4/ 257).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- آداب المشي إلى الصلاة"ومن مس الحصى فقد لغا"
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«مَنْ مَسَّ الحَصَى فَقَدْ لَغَا»
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«مَنْ توضَّأَ فأحسنَ الوُضوءَ، ثُمَّ أتىٰ الجُمُعةَ، فاسْتَمَعَ وأنْصَتَ، غُفرَ لَهُ ما بيْنَه وبينَ الجُمُعةِ وزيادةُ ثلاثَةِ أيَّامٍ، وَمَنْ مسَّ الحَصَىٰ فَقَدْ لَغَا».