මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?
මුආදා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදියෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදියෙකු නොවෙමි. නමුත් මම මෙසේ අසා සිටිමි" යැයි පැවසුවෙමි. ඇය: "අපට මේවා සිදු වී ඇත. එවිට උපවාසය නැවත ඉටු කිරීමට අපට නියෝග ලැබුණු නමුත් සලාතය නැවත ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු." යැයි පැවසීය.
سَأَلْتُ عَائِشَةَ، فَقُلْتُ: مَا بَالُ الْحَائِضِ تَقْضِي الصَّوْمَ، وَلَا تَقْضِي الصَّلَاةَ؟ فَقَالَتْ: أَحَرُورِيَّةٌ أَنْتِ؟ قُلْتُ: لَسْتُ بِحَرُورِيَّةٍ، وَلَكِنِّي أَسْأَلُ. قَالَتْ: كَانَ يُصِيبُنَا ذَلِكَ، فَنُؤْمَرُ بِقَضَاءِ الصَّوْمِ، وَلَا نُؤْمَرُ بِقَضَاءِ الصَّلَاةِ.
මුඃමින්වරුන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නොකරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි මුආදා අල්-අද්විය්යා තුමිය විමසා සිටියාය. එවිට එතුමිය ඇයට මෙසේ පවසා සිටියාය ය: "ඔබ මුරණ්ඩුකමින් හා දැඩි බවින් අධික ලෙස ප්‍රශ්න කර සිටින ඉස්ලාමයෙන් බැහැර වූ හරූරිය්යාවාදීන් අතරින් කෙනෙක් දැ?"යි විමසා සිටියා ය. "මම හරූරිය්යා වාදියෙකු නොවෙමි. නමුත් මම මෙසේ විමසා සිටිමි." එතුමිය මෙසේ ප්‍රකාශ කළා ය. "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමු. එවිට උපවාසය නැවත ඉටු කිරීමට නියෝග ලැබුවෙමු. නමුත් සලාතය ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු."
මුරණ්ඩුකමින් හා තර්ක කරමින් ප්‍රශ්න විමසා සිටින්නන් හෙළා දැකීම.
අල්-හරූරිය්යා යනු කූෆා නගරයට අසළින් පිහිටි 'හරූරා' නමැති ගමට ආරෝපණය කරමින් බිහි වූ ඉස්ලාමයෙන් බැහැර වූ පිරිසකි. එසේ ඇය ද ඔවුන් මෙන් කටයුතු කළ නිසාවෙනි. ඔවුන් ඔවුන්ගේ කටයුතුවල දී දැඩිව කටයුතු කළෝය. දැඩි සේ ප්‍රශ්න කර සිටියෝය. ඒ සම්බන්ධයෙන් ඔවුන් මුරණ්ඩු ලෙස කටයුතු කළෝය.
ගුරුවරයකුගෙන් උගන්වන මෙන් හෝ මග පෙන්වන මෙන් හෝ යමෙක් ඉල්ලා සිටි විට ඔහුට පැහැදිලි කර සිටීම.
ආගමික මූලාධාර හා සාධක මඟින් පිළිතුරු දීම වඩාත් උචිතය. මක්නිසාදයත් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විමසා සිටි කාන්තාවගේ ප්‍රශ්නයේ අර්ථයට හානියක් නොවන පරිදි පිළිතුරු දී ඇති බැවිනි. සැබැවින්ම ආගමික මූලාධාර හා සාධක මඟින් එසේ පිළිතුරු දීම විරුද්ධපාර්ශවයට වඩාත් තීරණාත්මක වනු ඇත.
අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තීන්දුව ගැන ප්‍රඥාව ගැත්තා නොදන්නා වුව ද එයට යටත් වීම.
නවවි තුමා මෙසේ ප්‍රකාශ කරයි: "ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශයේ අර්ථය, ඉස්ලාමයෙන් බැහැර වූ අයගෙන් පිරිසක් ඔසප් කාලය තුළ මඟ හැරුණු සලාතය නැවත ඉටු කිරීම, ඔසප් කාන්තාවට අනිවාර්යය බව තීරණයට එළැඹ තිබුණි. මෙය සමස්ත මුස්ලිම්වරුන්ගේ මතයට පටහැනිය. ආඉෂා තුමිය එසේ ප්‍රශ්න කර සිටියේ පිළිකුල පෙන්වන ප්‍රශ්නයක් ලෙසිනි. එනම්: එය හරූරිය්යානු මාර්ගයයි. එම මාර්ගය දුෂ්ඨ විය යන්නය."
සහීහුුල් බුහාරි (1/ 71) (321).
සහීහ් මුස්ලිම් (1/ 265) (335).
තවත් බලන්න (4)
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 68).
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص81).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- مجموعة زاد الفقه (3)الفقه 3«كان يصيبُنا ذلك، فنؤمَر بقضاءِ الصَّومِ، ولا نؤمَر بقضاءِ الصَّلاةِ».
- مجموعة زاد الفقه (3)الفقه 3لقولِ عائشةَ رضي الله عنها: كان يُصِيبُنا ذلك، فنؤمَرُ بقضاءِ الصَّومِ، ولا نؤمَرُ بقضاءِ الصَّلاةِ.
- من أحكام الصيام«كَانَ يُصِيبُنَا ذَلِكَ، فَنُؤْمَرُ بِقَضَاءِ الصَّوْمِ، وَلَا نُؤْمَرُ بِقَضَاءِ الصَّلَاةِ» [12].