Skip to content

“කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

“කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ. කිසිම විටෙක කිසියම් කටයුත්තක තම පෞද්ගලික හේතුවක් නිසා අල්ලාහ්ගේ දූතයාණෝ පළිගන්නෙකු නොවූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය දෙයක් කඩකරනු ලැබුවේ නම් මිස, එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ.

مَا خُيِّرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَمْرَيْنِ إِلَّا أَخَذَ أَيْسَرَهُمَا، مَا لَمْ يَكُنْ إِثْمًا، فَإِنْ كَانَ إِثْمًا كَانَ أَبْعَدَ النَّاسِ مِنْهُ، وَمَا انْتَقَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِنَفْسِهِ إِلَّا أَنْ تُنْتَهَكَ حُرْمَةُ اللَّهِ، فَيَنْتَقِمَ لِلَّهِ بِهَا.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණිය් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇතැම් ගුණාංග පිළිබඳ දන්වා සිටියාය. එහි දී ඇය ප්‍රකාශ කළ කරුණක් වනුයේ: "සැබැවින්ම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපය නියම නොකරන කල්තාක් වඩාත් පහසුම දෑ එතුමාණන් පිළිපැද්දාහ. සැබැවින්ම එය ජනයා ඉමහත් සේ දුරස් කරවන්නක් වේ. එවිට හෙතෙම තෝරා ගනුයේ වඩාත් දුෂ්කර දෑය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ කිසියම් පෞද්ගලික හේතුවක් නිසා පළිගන්නෙකු නොවූහ. එතුමාණෝ සමාව දී තම අයිතිය පවා නොසලකා හරින්නෙකු වූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය කරුණක් උල්ලංගනය කරනු ලැබුවේ නම් එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ. අල්ලාහ් වෙනුවෙන් වූ කටයුතු වල එතුමාණෝ මිනිසුන් අතරින් වඩාත් දැඩි තැනැත්තෙකු වූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

කරුණු අතර පාපයක් එහි නොපවතින කල්තාක් වඩාත් පහසු දෑ පිළිපැදීම සතුටුදායක වේ.

ඉස්ලාමයේ පවතින සරල හා පහසුකම.

උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ කටයුත්තක දී කෝප වීම ආගමානුගත කර ඇත.

උත්තරීතර අල්ලාහ්ගේ නියමයන් ක්‍රියාත්මක කිරීමේ දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඉවසීමෙන් හා රිස්සීමෙන් යුතුව සත්‍යය ස්ථාපනය කළහ.

ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: "දුෂ්කර දෑ අත්හැරීම, පහසු දෑ පිළිපැදීම හා බල කරන ලද දෑහි ඊට විරුද්ධව දැඩි ලෙස කටයුතු කිරීම අත් හැරීම යනාදිය මෙහි ඇතුළත් වේ.

උත්තරීතර අල්ලාහ්ගේ අයිතීන් හා සම්බන්ධ කටයුතු වල හැර සෙසු කටයුතුවල දී සමාව දීමට උනන්දු කිරීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 189) (3560).

සහීහ් මුස්ලිම් (4/ 1813) (2327).

තවත් බලන්න (5)

فتح الباري لابن حجر (575/6).

شرح صحيح مسلم (83/15).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (601/9).

شرح رياض الصالحين لابن عثيمين (587/3).