Skip to content

“(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔබ කිසිවෙකුත් බිය විය යුතු නොවේ ද?”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔබ කිසිවෙකුත් බිය විය යුතු නොවේ ද?”

«أَمَا يَخْشَى أَحَدُكُمْ - أَوْ: لاَ يَخْشَى أَحَدُكُمْ - إِذَا رَفَعَ رَأْسَهُ قَبْلَ الإِمَامِ، أَنْ يَجْعَلَ اللَّهُ رَأْسَهُ رَأْسَ حِمَارٍ، أَوْ يَجْعَلَ اللَّهُ صُورَتَهُ صُورَةَ حِمَارٍ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැඩි සේ අවවාද කරමින් ඒ ගැන පැහැදිළි කළහ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

සලාතය මෙහෙයවන ඉමාම් සමඟ ඔහුව පිළිපදින මඃමූන්වරුන් සතු අවස්ථා හතරක් ඇත. ඉන් තුනක් වළක්වන ලදී. එනම්: ඔහුට පෙර කටයුතු කිරීම, ඔහුට සමගාමීව කටයුතු කිරීම හා ප්‍රමාද වී කටයුතු කිරීමය. මඃමූම්ට ආගමානුගත කරන ලද්දේ ඉමාම් අනුගමනය කිරීමය.

සලාතයේ දී මඃමූම් ඉමාම්ව පිළිපැදිය යුතුය.

ඉමාම්ට පෙර හිස ඔසවන්නාගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවට වෙනස් කිරීම එනම් හැඩරුව මාරුවීම ගැන මෙසේ අවවාද කර තිබීම, විය හැකි කරුණකි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 140) (691).

සහීහ් මුස්ලිම් (1/ 321) (427).

තවත් බලන්න (6)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 111).

خلاصة الكلام شرح عمدة الأحكام.

لفيصل آل مبارك (ص65).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص133).