Skip to content

අන්සාර්වරුන් අතුරින් මිනිසෙකු විය. ඔහුට වඩා මස්ජිදයෙන් දුරින් සිටින වෙන කිසිවකු මම නොහඳුනමි. ඔහුට සලාතයක් වැරදුනේ නැත

උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

අන්සාර්වරුන් අතුරින් මිනිසෙකු විය. ඔහුට වඩා මස්ජිදයෙන් දුරින් සිටින වෙන කිසිවකු මම නොහඳුනමි. ඔහුට සලාතයක් වැරදුනේ නැත. එවිට, “අන්ධකාරයේත් වැල්ලේත් නැග යන්නට හැකිවනු පිණිස ඔබ බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ යැයි කියනු ලැබීය. ඔහු, “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටීම මා සතුටට පත් නො කරයි. මම මස්ජිදය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් යහපත ලියනු ලැබීම සැබැවින්ම මම අපේක්ෂා කරමි.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්): “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“ යැයි පැවසූහ.

كَانَ رَجُلٌ لَا أَعْلَمُ رَجُلًا أَبْعَدَ مِنَ الْمَسْجِدِ مِنْهُ، وَكَانَ لَا تُخْطِئُهُ صَلَاةٌ، قَالَ: فَقِيلَ لَهُ: أَوْ قُلْتُ لَهُ: لَوْ اشْتَرَيْتَ حِمَارًا تَرْكَبُهُ فِي الظَّلْمَاءِ، وَفِي الرَّمْضَاءِ، قَالَ: مَا يَسُرُّنِي أَنَّ مَنْزِلِي إِلَى جَنْبِ الْمَسْجِدِ، إِنِّي أُرِيدُ أَنْ يُكْتَبَ لِي مَمْشَايَ إِلَى الْمَسْجِدِ، وَرُجُوعِي إِذَا رَجَعْتُ إِلَى أَهْلِي، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «قَدْ جَمَعَ اللهُ لَكَ ذَلِكَ كُلَّهُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරයි: මස්ජිද් අන්-නබිවියේ සිට තම නිවස වඩාත් දුරින් පිහිටා ඇති අන්සාරි මිනිසෙකු විය. ඔහුට කිසිදු සලාතයක් මග හැරුණේ නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සෑම සලාතයකටම සහාභාගී විය. එවිට ඔහුට මෙසේ පවසන ලදී: "රාත්‍රී අන්ධකාරයේත්, දහවල් උෂ්ණ වැල්ලේත් නැග ගමන් කරන්නට හැකි බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ ඔහු මෙසේ පවසා සිටියේය: “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටා තිබීම මට සතුට ගෙන දෙන්නක් නොවෙයි. මම මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් අල්ලාහ් සටහන් කිරීම මම ප්‍රිය කරමි.“ ඔහුගේ මෙම කතාව නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කණට වැකුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“

හදීසයෙන් උගත හැකි පාඩම්

යහපත කිරීමට, එය වර්ධනය කර ගැනීමට හා එහි ප්‍රතිලාභ උපයා ගැනීමට සහාබාවරුන් අතර තිබූ දැඩි උනන්දුව.

නවවි තුමා මෙසේ පවසයි: "සලාතය සඳහා පිටත්ව යන විට කුසල් සහතික වනවාක් මෙන්ම ඉන් නැවත හැරී එන විට තබන පියවරවල්හි ද කුසල් සහතික වීමක් මෙහි සඳහන්ව ඇත."

යහපත ගැන මුස්ලිම්වරුන් එකිනෙකා අතර කතා කර ගැනීම, දැහැමි ක්‍රියාවන් සම්බන්ධ ව උපදෙස් දීම, තම සහෝදරයාට යම් දුෂ්කරතාවක් ඇතිවනු දුටු විටෙක එය ඉවත් කර ගැනීම සඳහා ඔහුට උපදෙස් දීමට ඉදිරිපත් වීම.

අදාන් හඬ කනට ඇසෙමින් තිබිය දී නිවස මස්ජිදයට දුරින් පිහිටීම සාමුහික සලාතය මඟ හැරීමට හේතුවක් වන්නේ නැත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 460) (663).

තවත් බලන්න (4)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 162).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 199).