“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
«يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلاَثَ عُقَدٍ يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ، فَارْقُدْ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ، انْحَلَّتْ عُقْدَةٌ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَةٌ، فَإِنْ صَلَّى انْحَلَّتْ عُقْدَةٌ، فَأَصْبَحَ نَشِيطًا طَيِّبَ النَّفْسِ، وَإِلَّا أَصْبَحَ خَبِيثَ النَّفْسِ كَسْلاَنَ».
ෂෙයිතාන්ගේ තත්ත්වය පිළිබඳවත්, රාත්‍රි සලාතය සඳහා හෝ ෆජ්ර් සලාතය සඳහා අවදිවීමට අපේක්ෂා කරන මිනිසා සමග ඔහු කරන අරගලය පිළිබඳවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියි. සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා නින්දට ගිය විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කර, ෂෙයිතාන්ගේ කුකුසට පිළිතුරු නො දුන්නේ නම්, ගැටයක් ලිහෙනු ඇත. එසේම හෙතෙම වුළූ ගත්තේ නම්, තවත් ගැටයක් ලිහෙනු ඇත. එසේම නැගිට සලාත් ඉටු කළේ නම්, තුන්වන ගැටය ද ලිහෙනු ඇත. පසුව එම ගැට ලිහීමත් සමගම ඔහු අල්ලාහ්ට අවනත වීම සදහා ඔහුට ආශිර්වාද කළ දෑ ගැන සතුටට පත්ව මනා මානසික සුවයකින් යුතුව දිරියෙන් හා අල්ලාහ් ඔහුට පොරොන්දු වූ කුසල් හා සමාව ගැන සතුටු වෙමින් අවදිවනු ඇත. එසේ නොවුනු විටෙක, ෂෙයිතාන් ගැට ගසා ඇති ගැට හේතුවෙන් ඔහුගේ මනස කිලිටි තත්ත්වයට පත්වේ. සිත දුකට පත්වේ. යහපත් හා දැහැමි ක්‍රියාවන් කිරීමට මැළිකමක් ඇති වේ. මහා කාරුණිකයාණන්ට සමීපවීමෙන් ඔහුව දුරස් කරයි.
මිනිසා අතර හා ඔහු අල්ලාහ්ට නැමදුම් කිරීම අතර අවහිර කරන සෑම මාර්ගයක්ම ෂෙයිතාන් සැම විටම සොයයි. සර්වබලධාරී අල්ලාහ්ගෙන් උදව් පැතීමෙන් හා ආරක්ෂාව හා රැකවරණය ලබන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් තොරව ගැත්තාට ෂෙයිතාන්ගෙන් ගැලවුමක් නැත.
උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔහුට නැමදුම් කිරීම මනස තුළ ධෛර්යය ඇති කරන අතර හදවත පුළුල් කරනු ඇත. එය ෂෙයිතාන්ව පලවා හරින බැවින් මැලිකම හා උදාසීනත්වය නැති කරයි. දුක හා වෛරය පහ කරයි. ඒවා ඔහුගේ කුකුස් ය.
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, තම සර්වබලධාරී අල්ලාහ්ට අවනත වීම සඳහා අවදි වීමට ඔහු ඔහුට ආශිර්වාද කළ බැවින් සතුටට පත්වෙයි. එමෙන්ම යහපත්කමේ හා පරිපූර්ණත්වයේ තරාතිරමිින් ඔහු අඩු වීම නිසා ඔහු මානසික අවපීඩනයට පත් වේ.
නොසැළකිලිමත්කම හා නැමදුම් කිරීමෙන් දුරස්ව සිටීම, ෂෙයිතාන්ගේ ක්‍රියාවක් වන අතර එය ඔහුට අලංකාරවත් කර පෙන්වනු ඇත.
මෙම කරුණු තුන, එනම්: අල්ලාහ්ව මෙනෙහි කිරීම, වුළූ ධෝවනය කිරීම හා සලාත් ඉටු කිරීම ෂෙයිතාන්ව පළවා හරියි.
ෂෙයිතාන්ගේ ගැටය පිහිටනුයේ, විශේෂයෙන්ම හිසෙහි පසුපස කොටසෙහිය. එය බලයේ කේන්ද්‍රයයි, ක්‍රියාකාරිත්වයේ විෂය පථයයි. එබැවින්, ඔහු ඒ මත ගැට දැමුවේ නම්, පුද්ගලයෙකුගේ ආත්මය පාලනය කිරීමටත් ඔහුට නින්ද ඇති කිරීමටත් ඔහු බලය දරනු ඇත.
ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා මෙසේ පවසයි: "ඔබට දිගු රාත්‍රියක්" යනුවෙන් කරන ලද ප්‍රකාශයේ රාත්‍රිය යනුවෙන් සඳහන් කර ඇත්තේ විශේෂයෙන්ම රාත්‍රී නින්ද නිරූපණය කිරීමටය.
ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා මෙසේ පවසයි: දික්ර් හෙවත් අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා විශේෂ යමක් නියම කර ඇති බවත් එය නොවන්නට වෙනත් කිසිවක් පිළිගනු ලබන්නේ නැති බවත් මින් අදහස් වන්නේ නැත. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම තහවුරු කරන පරිදි පවතින සෑම දෙයක්ම වලංගු වන්නේය. එහි අල් කුර්ආනය කියවීම, නබි තුමාණන්ගේ හදීස් කියවීම, ආගමික දැනුම හැදෑරීම යනාදිය ද ඇතුළත් වේ. එහි මෙනෙහි කිරීමට වඩාත් උචිත වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙනෙහි කර සිටි ප්‍රාර්ථනාවන්ය. රාත්‍රියේ අවදි වූ තැනැත්තා: (لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيء قدير، الحمد لله، وسبحان الله، ولا إله إلا الله، والله أكبر، ولا حول ولا قوة إلا بالله යැයි පවසා පසුව اللهم اغفر لي අහෝ දෙවිඳුනි මට සමාව දෙනු මැනව යැයි පැවසුවේ නම් හෝ යම් ප්‍රාර්ථනාවක් කළේ නම් එයට පිළිතුරු ලැබෙනු ඇත. වුළූ ගත් විටෙක ඔහුගේ සලාතය පිළිගනු ලැබේ.) අල් බුහාරි විසින් විස්තර කරන ලදී.
සහීහුුල් බුහාරි (2/ 52) (1142).
සහීහ් මුස්ලිම් (1/ 538) (776).
තවත් බලන්න (10)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 328).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 834).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (15/ 305).
فتح الباري شرح صحيح البخاري.
لأحمد العسقلاني (10/ 564).
طرح التثريب في شرح التقريب.
العراقي (3/ 82).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلَاثَ عُقَدٍ، يَضْرِبُ كُلَّ عُقْدَةٍ: عَلَيْكَ لَيْلٌ طَوِيلٌ فَارْقُدْ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ ٱللَّهَ انْحَلَّتْ عُقْدَةٌ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْد
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلاَثَ عُقَدٍ يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ، فَارْقُدْ فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ، انْحَلَّتْ عُقْدَةٌ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَ
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلَاثَ عُقَدٍ يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ، فَارْقُدْ فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ، انْحَلَّتْ عُقْدَةٌ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَ