8 : 20
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වනු. නුඹලා (ඔහුට) සවන් දෙමින් සිටිය දී ඔහුගෙන් නුඹලා හැරී නො යනු.