5 : 11
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහිව දිගු කරන්නට සිතූ විට නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලී ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද දේවත්වය විශ්වාස කළවුන් අල්ලාහ් කෙරෙහි ම (සියල්ල) භාර කළ යුතු ය.