Skip to content
සූරා ලැයිස්තුව /

الرَّعد

الرَّعد is chapter 13 of the Quran and has 43 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

43 වැකි සූරා අංකය 13
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓمٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِۗ وَٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ

අලිෆ්, ලාම්, රා. ඒවා දේව ග්‍රන්ථයේ වදන් වෙති. තවද නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නො කරති.

Explanation & meanings · 1
  1. මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.

ٱللَّهُ ٱلَّذِي رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ يُدَبِّرُ ٱلۡأَمۡرَ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمۡ تُوقِنُونَ

කිසිදු කුලුනකින් තොරව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහු ය. පසුව ඔහු රාජාසනය මත ස්ථාපිත වූයේ ය. තවද ඔහු හිරු හා සඳු වසඟ කළේ ය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.

وَهُوَ ٱلَّذِي مَدَّ ٱلۡأَرۡضَ وَجَعَلَ فِيهَا رَوَٰسِيَ وَأَنۡهَٰرٗاۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوۡجَيۡنِ ٱثۡنَيۡنِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ

තවද මහපොළොව දිග හැර එහි කඳු හා ගංගා ඇති කළේ ඔහු ම ය. තවද සෑම ඵල වගාවකින් ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩුද ඇති කළේ ය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන් ම වටහා ගන්නා ජනයාට එහි සාධක ඇත.

وَفِي ٱلۡأَرۡضِ قِطَعٞ مُّتَجَٰوِرَٰتٞ وَجَنَّٰتٞ مِّنۡ أَعۡنَٰبٖ وَزَرۡعٞ وَنَخِيلٞ صِنۡوَانٞ وَغَيۡرُ صِنۡوَانٖ يُسۡقَىٰ بِمَآءٖ وَٰحِدٖ وَنُفَضِّلُ بَعۡضَهَا عَلَىٰ بَعۡضٖ فِي ٱلۡأُكُلِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ

මහපොළොවේ එකිනෙකට යාබදව පිහිටි කලාප ද මිදිවලින් යුත් උයන් ද කෙත් වතු ද මුදුන් මුල සහිත හා මුදුන් මුල රහිත රටඉඳි ගස් ද ඇත. එක ම ජලයෙන් සපයනු ලැබේ. පරිභෝජනයෙහි ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන් ම එහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.

۞ وَإِن تَعۡجَبۡ فَعَجَبٞ قَوۡلُهُمۡ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدٍۗ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَاقِهِمۡۖ وَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

(නබිවරය!) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් ඔවුහු "අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු ද?" යැයි ඔවුන් පැවැසීම (මීට වඩා) පුදුමයක් වේ. තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුන් ඔවුහු ම ය. ඔවුන්ගේ ගෙලවල විලංගු ඇත්තෝ ද ඔවුහු ම ය. තවද නිරාවාසීහු ද ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.