Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය. සැබැවින් එය විශාලය. සැබැවින්ම එහි පැළ කරනු ලබන්නේ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි." යැයි පැවසුවේය.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි.."
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය. අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.”
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.