Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (53)
"ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දිනක් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් වාඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමාණෝ මා අමතා: “දරුව! සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්න. ඔහු ඔබ ව ආරක්ෂා කරනු ඇත. ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්ක. ඔබ ඉදිරියේම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලාහ්ගෙන්ම ඉල්ලන්න. ඔබ උදව් පතන විට අල්ලාහ්ගෙන්ම උදව් පතන්න. දැනගන්න, සැබැවින්ම මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හානියක් කිරීම ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතට ගනු ලැබීය. පිටපත් වියලී ගියේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ නියැළුණු පුද්ගලයකු දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී සහ අල් කුබ්රාහි අන් නසාඊ යන ඉමාම්වරුන් වාර්තා කර ඇත.