Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බයිහකී එය වාර්තා කර ඇත.
"මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බයිහකී ඇතුළු වෙනත් ඉමාම් වරු විසින් ද මෙසේ වාර්තා කොට ඇත, තවද මෙහි ඇතැම් කොටස් සහීහ් ග්‍රන්ථ දෙකෙහි ද සඳහන් වී ඇත.
"මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ්, අල්-බෛහකී සහ තවත් අය විසින් වාර්තා කොට ඇත.
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසිදු ජනතාවක් (නිසි මඟට) ආරාධනා කරන තුරු ඔවුන් සමඟ සටන් නොකළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද් සහ බයිහකී වාර්තා කර ඇත.