Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 54 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද්, තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇති අතර ඉබ්නු හිබ්බාන් ඉමාම් විසින් තම සහීහ් ග්‍රන්ථයෙහි ද, අල් හාකිම් විසින් ද වාර්තා කොට ඇත.
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, ඉබ්නු මාජහ් සහ ඉබ්නු හිබ්බාන් යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
“සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, ඔබේ හිමිකරු අබියස වඩාත් පිවිතුරු, ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්, රන් හා රිදී වැය කිරීමට වඩා ඔබට උතුම්, ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ඨ දෑ මා ඔබට දන්වා සිටින්න ද?“ යැයි විමසූහ. ඔවුහු: “එසේය“ යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: "ඔබ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමය“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"ජලය කුල්ලතෙයින් ප්‍රමාණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නැත." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත. කවරෙකු එය උදෑසන තුන්වරක් පවසන්නේ ද සවස් කාලය දක්වා හදිසි අනතුරු ඔහුට සිදුවන්නේම නැත. තවදුරටත් ඔහු මෙසේ වාර්තා කළේය: අබාන් ඉබ්නු උස්මාන් අල්-ෆාලිජ්ට එලෙස රෝගයක් අත්විය. ඔහුගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස බැලුවේය. එවිට හෙතෙම ඔහුට ඔබ මා වෙත බලන්නේ ඇයිදැ?යි විමසා සිටියේය. අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොකීවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත බොරුවක් කීවේ ද නැත. නමුත් අද දින මට වැළඳී ඇත්තේ මට වැළඳෙන්නට නියම වූ දෑය. මම කෝප වූයෙමි. එබැවින් එය පැවසීමට මම අමතක කළෙමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.