Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 20 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (57)
“කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මාගේ ප්‍රාණය මට ලබා දෙනු ඇත.”
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය නසාඊ අල්කුබ්රාහි වාර්තා කර ඇති අතර ඒ අර්ථයෙන්ම යුත් හදීසයක් ඉබ්නු මාජහ් ද වාර්තා කර ඇත. එමෙන්ම අහ්මද් ද මෙය වාර්තා කර ඇත.
“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.