Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 16 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු තාරකා ශාස්ත්‍රයෙන් කොටසක් උපුටා ගත්තේ ද, සැබැවින් ඔහු කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට (තවතවත්) වැඩි වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුදෙයිබිය්යා හි රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පසු සුබ්හු සලාතය මෙහෙය වූහ. එතුමාණෝ එය අවසන් කරගත් පසු ජනතාව දෙසට හැරී: “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය." එහෙයින් කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි) යැයි පවසන්නේද ඔහු ය මා විශ්වාස කර, ග්‍රහ තාරකා ප්‍රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකා වර්ගය හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය මා ප්‍රතික්ෂේප කොට ග්‍රහ තාරකා පිළිබඳ මිථ්‍යාව විශ්වාස කළ තැනැත්තා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.