Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 39 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ මම පුණ්‍ය කටයුතු, වහලුන් නිදහස් කිරීම් සහ ඥාතී සබඳතා පැවැත්වීම් වැනි ක්‍රියාවන් සිදු කරමින් ආවෙමි. ඒවායෙහි මට යම් ප්‍රතිඵලයක් තිබේ ද? ඒ ගැන ඔබේ අදහස කුමක් ද? යැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය." ‍
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. මම නියම කරන ලද සලාත් ඉටු කර, රමළාන් මාසයේ උපවාසයේ නිරත වී, අනුමත දෑ මම අනුමත කරමින් ද තහනම් දෑ තහනම් කමින් ද කටයුතු කර ඊට වඩා කිසිවක් මා අමතරව ඉටු නොකළේ නම්, මට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ ද? එතුමාණෝ "එසේය." යැයි පැවසූහ:
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.