Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 27 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම මහප්පාට මෙසේ පවසා සිටියහ. "ඔබ 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත) යැයි පවසන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගැන මමා සාක්ෂි දරමි" ඔහු: 'එසේ කිරීමට මා පෙලඹවූයේ (මරණයට ළං වන) බිය යැයි කියමින් කුරෙයිෂිවරුන් මට දොස් නැගීම ගැන මා බිය නොවන්නේ නම්, මම නිසැකවම ඔබේ දෑස් සතුටු කරන්නෙමි.' යැයි කීය. එවිට අල්ලාහ් මෙසේ හෙළිදරව් කළේ ය: "නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට, ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි…" (අල්-කසස්: 56)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්‍රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.