Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“කවරෙකු තාරකා ශාස්ත්‍රයෙන් කොටසක් උපුටා ගත්තේ ද, සැබැවින් ඔහු කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට (තවතවත්) වැඩි වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් ඔහු සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්‍රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” මම විමසා සිටියෙමි යැයි පවසා සිටියේය. එතුමාණෝ: “සැබැවින්ම ඔබ වැදගත් කරුණක් පිළිබඳ විමසුවෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය.” ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. සලාතය විධිමත්ව ඉටු කරන්න. සකාත් ද නිකුත් කරන්න. රමළාන් උපවාසය රකින්න. දේව නිවස කරා හජ් වන්දනා කරන්න.” පසුව එතුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු ගැන මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? උපවාසය පලිහකි. සදකා හෙවත් දානය, ජලය ගින්දර නිවා දමන්නාක් මෙන් වැරදි නිවා දමන්නකි. රාත්‍රිය මැද කොටසේ මිනිසා ඉටු කරන සලාතයක් ඇත." යැයි පවසා පසුව “තතජාෆා ජුනූබුහුම් අනිල් මළාජිඉ -ඔවුන්ගේ ඇළපැති නිදිහයනින් ඈත් ව තබති - යන (සූරා සජදා හි 16 වැනි) පාඨයේ සිට “යඃලමූන්” - ඔවුහු දැන සිටිති- යන (එහි 17 වැනි) පාඨය දක්වා පාරායනය කළහ. පසුව එතුමාණෝ: “කටයුත්තේ සිරස, එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එහි කුළුණ සලාතයයි. එහි උච්චතම ස්ථානය ජිහාද් හෙවත් අරගලයයි" යැයි පැවසූහ. පසුව එතුමාණෝ තවදුරටත්: "මේ සියලු දෑහි පදනම මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මම: "එසේය වක්තෘවරයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ එතුමාණන්ගේ දිව අල්ලා ‘ඔබට එරෙහි වීමෙන් මෙය වළක්වා ගන්න’ යැයි පැවසූහ. මම: 'අහෝ වක්තෘවරය, අප කවර කරුණක් කතා කරන්නේ ද එමගින් අප හසුකරනු ලබන්නෙමු ද?' යැයි විමසුවෙමි. එවිට එතුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! ඔබට කුමක් වීද!" යැයි පවසා, "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ දිවවල් නෙළාගත් දෑ මිස වෙන කුමක් දැ"යි පවසා සිටියහ.
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.