Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 20 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින් සහ චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ" මම මෙසේ ඇසුවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?" එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ, "අහෝ ආඉෂා! තත්ත්වය ඔවුන් එකිනෙකා බලනවාට වඩා බරපතල වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි එතුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ තමන්ට දිර්හම් හෝ වස්තුව හෝ නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලාතය, උපවාසය හා සකාත් යන වගකීම් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා, මොහු ගැන අවලාද නගා, මොහුගේ ධනය සූරා කා, මොහුගේ රුධිරය හලා, මොහුට පහර දී පැමිණෙන පුද්ගලයා ය. එවිට ඔහුගේ කුසල් කර්ම ඒ අයට පිරිනමනු ලැබේ. එය ඔහුගේ යහකම් වෙති. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ කුසල් අවසන් වූ විට මොවුන්ගේ වැරදි ගෙන ඔහු වෙත හෙළනු ලැබේ. පසුව ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.