Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 14 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මීල් (සැතපුමක) තරම් පිහිටන තරමට හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සුලෙයිම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පැවසීය: අල්ලාහ් මත දිවුරා පවසමි "මීල්" යනු කුමක්දැ?යි මම නොදනිමි. එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ ඉඟටිය දක්වා ද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි" එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ පුන් සඳ රාත්‍රියක චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. “ඔබ මේ චන්ද්‍රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය අතපසු නොකිරීමට ඔබට හැකිනම් ඔබ ඉටු කරනු. යැයි පැවසූහ. පසුව 'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු' යන (අර්ථය ඇතුළත්) පාඨය එතුමාණෝ පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින් සහ චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ" මම මෙසේ ඇසුවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?" එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ, "අහෝ ආඉෂා! තත්ත්වය ඔවුන් එකිනෙකා බලනවාට වඩා බරපතල වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි එතුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ තමන්ට දිර්හම් හෝ වස්තුව හෝ නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලාතය, උපවාසය හා සකාත් යන වගකීම් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා, මොහු ගැන අවලාද නගා, මොහුගේ ධනය සූරා කා, මොහුගේ රුධිරය හලා, මොහුට පහර දී පැමිණෙන පුද්ගලයා ය. එවිට ඔහුගේ කුසල් කර්ම ඒ අයට පිරිනමනු ලැබේ. එය ඔහුගේ යහකම් වෙති. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ කුසල් අවසන් වූ විට මොවුන්ගේ වැරදි ගෙන ඔහු වෙත හෙළනු ලැබේ. පසුව ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.