Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 11 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින් සහ චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ" මම මෙසේ ඇසුවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?" එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ, "අහෝ ආඉෂා! තත්ත්වය ඔවුන් එකිනෙකා බලනවාට වඩා බරපතල වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.