Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 10 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරු මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකු ලෙස සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් සවන් දෙන සෑම කරුණක්ම ඔබ ලියන්නෙහි ද? පසුව මම ලිවීම නතර කළෙමි. ඒ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත සැළ කර සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන්ට (තම සහගාමීන්ට) යමක් කිරීමට අණ කළ සෑම අවස්ථාවකම, ඔවුන්ට කිරීමට හැකි පහසු ක්‍රියාවන් නියම කළහ. ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අපි ඔබ වැනි අය නොවෙමු. සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇත." එවිට අල්ලාහ්ගේ දූතයාණන් කෝපයට පත් වූ අතර එම කෝපය එතුමාණන්ගේ මුහුණෙන් පැහැදිලි විය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ අතුරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“බනූ ආමිර් ගෝත්‍රයේ පිරිසක් සමග මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෙමි. එවිට අපි, ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
‘මා ප්‍රතික්ෂේප කළ අය හැර, මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්‍රතික්ෂේප කරන්නේ කවුරුන්දැ?’යි ඔවුහු විමසා සිටියෝය. එතුමා, 'කවරෙකු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවුරුන් මට පිටුපෑවේ ද ඔහු ප්‍රතික්ෂේප කළේය.’යැයි කීහග
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය. එතුමාණන් මක්කාවේ වසර දහ තුනක් රැඳී සිටි අතර පසුව ඉන් නික්ම යන්නට නියෝග කරනු ලැබීය. එසේ එතුමාණෝ මදීනාවට නික්ම ගොස් එහි වසර දහයක් රැඳී සිට, පසුව මරණයට පත් වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (සතුරා තුළ මා ගැන) බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. එබැවින් මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා සලාතයේ වේලාව ළඟා වූ විට ඔහු සලාතය ඉටු කළ යුතුයි. සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්‍රජාවට පමණක් සුවිශේෂී වූ අතර මම මුළු මිනිස් සංහතියටම පොදුවේ එවන ලද්දෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.