Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 21 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි. පසුව අහස් වැසියන්ට ද මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු (දේවදූතයන්) ආදරය කරති. පසුව පොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ඇත. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම අල්ලාහ් පුද්ගලයකුට වෛර කර ඇත. ඒ නිසා ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. එවිට පොළොවෙහි වෛරය ඔහුට නියම වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. සහීහ් මුස්ලිම්
"සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි." යැයි පවසා පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට, ඔහුගේ ග්‍රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි. එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම් ඊට වඩා යහපත් ලෙස මම ඔහු ගැන පිරිසක් මධ්‍යයේ මෙනෙහි කරමි. මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි. ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද? මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද? මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද? මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.