Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 17 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අහෝ බිලාල්! බලාපොරොත්තු සහගතව ඔබ ඉස්ලාමයේ කවර ක්‍රියාවක් කර තිබේ ද? සැබැවින්ම ස්වර් ගයේ මා ඉදිරියෙන් ඔබ තබන ඔබේ පාවහන් දෙකෙහි හඬ මට ඇසුණි" යැයි පැවසුහ. බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා: 'බලාපොරොත්තු සහගතව සිදු කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නොවීය. නමුත් සැබැවින්ම මම රාත්‍රියේ හෝ දහවලේ හෝරාවක පිරිසිදු කරගත්තේ නම්, එම පිරිසිදුභාවයෙන්ම මට ඉටු කිරීමට නියම කළ සලාතය ඉටු කළෙමි' යැයි පැවසීය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත. ඔවුන් මුත්‍රා කරන්නේ නැත; මළපහ කරන්නේ නැත; කෙළ ගසන්නේ නැත; හෝ නාසයේ ස්රාවය ඉවත හෙළන්නේ නැත. ඔවුන්ගේ පනා රන්වන් ය. ඔවුන්ගේ දහඩිය කස්තුරි ය. සුවඳ දුම් දග්වන උදුනෙන් වඩාත් සුවඳැති සුවඳ දුම් පතුරුවා හරිනු ලැබේ. ඔවුන්ගේ භාර්යාවන් හූරුන් ඊන් (දැකුම් කළු ලලනාවන්) වෙති. එකම මිනිසකුගේ ස්වරූපයෙන් ඔවුන් සිටිනු ඇත. අහසට විහිදෙන රියන් හැටක් උසින් යුත් ඔවුන්ගේ පියා ආදම්ට සමාන වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්‍රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑ ගැන සිතා නො බැලුවෙ හි ද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා සොයා නොබැලුවෙහි ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාට ආදම් සිටියි” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ජීවයෙන් ඔබ තුළට පිඹ ඇත. මලක්වරුන්ට (සුජූද් කරන්නට) නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් වන්න. අපි සිටින්නේ කොහේදැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද? යැයි විමසති. එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. “සැබැවින්ම ගස මට තහනම් කර තිබිණ. නමුත් මම ඔහුට පිටුපෑවෙමි. "අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය!" යැයි පවසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තැබීය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අපි සිටින්නේ කවර තත්ත්වයක දැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද?" යැයි පවසති. එවිට ඔහු "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. සැබැවින්ම මට සතුව ප්‍රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසා, "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යයි කීහ.පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙ හි ද?" එවිට ඔහු ඔවුනට මෙසේ පවසයි. "මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝපවී ඇත. එමෙන්ම සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසයි. "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න" යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දමා ඇත්තෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුන් මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?" පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ, මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්‍රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න. ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ." යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, අහෝ මාගේ පරමාධපතියාණනි! මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව! යනුවෙන් පවසමි. එවිට "අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා හිම්යර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"තම සහෝදරයාට ඔහුගේ ගෞරවය සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපරාධයක් කළ තැනැත්තා, දිනාර් එකක් හෝ දිර්හම් එකක් නොමැති කාලයක් පැමිණීමට පෙර එදිනම ඔහුගෙන් ඉන් නිදහස් විය යුතුය. ඔහු සතුව යහපත් ක්‍රියාවක් තිබේ නම්, ඔහු කළ අපරාධයේ ප්‍රමාණයට ඔහුගෙන් ලබයි. ඔහු සතුව යහපත් කුසල් නොමැති නම්, තම සගයාගේ නරක ක්‍රියාවලින් සමහරක් ගෙන ඔහු මත පටවනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.