Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 49 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි. පසුව "ඔබ මෙය දන්නෙහි ද?" යැයි විමසයි. එවිට 'මාගේ පරමාධිපතියාණනි! එසේය, මම දනිමි' යැයි ඔහු පවසයි. පසුව මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන් ඒවාට සමාව දුනිමි. පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරු හා කුහකයෝ වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු තම නිදියහනේ වැතිර සිටිය දී ඔහු වෙත මා ගැන හදීසයක් ළඟා විය හැකි නොවේ ද. එවිට ඔහු අප අතර හා ඔබ අතර අල්ලාහ්ගේ ග්‍රන්ථය" ඇත. එහි අපි කවර කරුණක් 'හලාල්' -අනුමත- යැයි දැක ඇත්තේ ද එය අපි අනුමත කර ගත්තෙමු. කවර කරුණක් 'හරාම්' -තහනම්- යැයි දැක ඇත්තේ ද එයි අපි තහනම් කර ගත්තෙමු. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් තහනම් කළේ ද එය අල්ලාහ් තහනම් කළා හා සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.