عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (18)
"ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඔබට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්රජාලිකයකු ද විය. ඔහු වයෝවෘද්ධ තත්ත්වයට පත් වූ කල්හි, ඔහු රජු අමතා: 'සැබැවින්ම මම වයෝවෘද්ධභාවයට ළඟා වී ඇත්තෙමි. මා වෙත කොළු ගැටයෙකු එවන්න. මම ඔහුට ඉන්ද්රජාලය උගන්වන්නම්' යැයි පැවසීය. පසු ව ඉගැන්වීම සඳහා කොළු ගැටයෙකු එවීය. ඔහු යන එන මාර්ගයේ ආගමික විද්වතෙකු ද විය. කොළුවා ඔහු අසළ වාඩි වී ඔහුගේ කතාවට සවන් දුන් අතර එය ඔහුව පුදුමයට පත් කළේය. ඔහු ඉන්ද්රජාලිකයා වෙත යන අතරවාරයේ ආගමික විද්වතා පසු කර යයි. එහි ඔහු අසළ වාඩි වෙයි. නමුත් නැවත ඉන්ද්රජාලිකයා වෙත ගිය විට ඔහු ඔහුට පහර දෙයි. ඒ ගැන ඔහු එම ආගමික විද්වතාට පැමිණිලි කර සිටියේය. එවිට ඔහු: 'ඔබ ඉන්ද්රජාලිකයාට බිය වූ විටෙක මාගේ පවුලේ උදවිය මා රඳවා ගෙන සිටි බව ඔහුට පවසන්න. ඔබේ පවුලට බිය වූ විට ඉන්ද්රජාලිකයා මා රඳවා ගෙන සිටි බව පවසන්න.' යැයි පැවසීය. එසේ ඔහු යන එන අතරවාරයේ මිනිසුන්ට බාධා කරමින් සිටි විශාල සතෙකු අසළට පැමිණි විට ඔහු මෙසේ පැවසීය: 'අද දින ඉන්ද්රජාලිකයා උතුම් ද එසේ නැතහොත් ආගමික විද්වතා දැ?යි මම දැන ගනිමි.' පසුව ගලක් ගෙන, 'අහෝ දෙවිඳුනි, ආගමික විද්වතාගේ විෂය ඉන්ද්රජාලිකයාගේ විෂයට වඩා ඔබ වෙත ප්රියමනාප නම්, ජනතාවට ගමන් කළ හැකි පරිදි මෙමගින් මෙම සත්වයා මරා දමන්නැ'යි පවසා එය වීසි කළේය. එවිට ඌ මැරී වැටුණි. ජනතාව ද නිදහසේ ගමන් කරන්නට විය. පසුව ආගමික විද්වතා වෙත පැමිණ, ඒ ගැන දන්වා සිටියේය. එවිට ආගමික විද්වතා ඔහුට: 'අහෝ දරුව! අද දින ඔබ මට වඩා උතුම් ය. මා දකින දෑ ඔබේ විෂය තුළින් ලබා ඇත. සැබැවින්ම ඔබ පරීක්ෂණයට ලක්වනු ඇත. එසේ ඔබ පරීක්ෂණයට ලක් වූයේ නම්, මා පෙන්වා නො දෙන්න.' එම කොළුවා අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරන්නට විය. අනෙකුත් ලෙඩ රෝග සඳහා ඔහු මිනිසුනට ප්රතිකාර කළේය. රජුගේ අන්ධ සභිකයකු මෙය අසා ඔහු වෙත විශාල වශයෙන් තෑගිභෝග රැගෙනවිත් මෙසේ පවසා සිටියේය: 'ඔබ මා සුව කළෙහි නම්, මේ රැස්කර ඇති දෑ ඔබට ය.' එවිට ඔහු, 'මම කිසිවෙකු සුව නොකරමි. සැබැවින්ම සුව කරන්නේ අල්ලාහ් ය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කළෙහි නම්, මම අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්නම්. ඔහු ඔබට සුවය දෙනු ඇත.' පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළේය. අල්ලාහ් ඔහුට සුවය දුන්නේය. පසුව ඔහු රජු අසළට පැමිණ ඔහු වාඩි වන පරිදිම ඔහු ළඟ අසුන් ගත්තේය. එවිට රජු ඔහුට මෙසේ පැවසීය. 'ඔබේ බැල්ම ඔබට නැවත දුන්නේ කවු ද?' ඔහු: 'මාගේ පරමාධිපතියාණන්' යැයි පැවසීය. ඔහු: 'ඔබට මා හැර වෙනත් අධිපති කෙනෙකු සිටිත් ද?' යැයි විමසීය. ඔහු: 'මගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපති යාණන් අල්ලාහ්ය.' යැයි පැවසීය. එවිට ඔහු ඔහුව අල්ලාගෙන කොළු ගැටයා පෙන්වා දෙන තෙක් ඔහුට දඬුවම් කරන්නට ගත්හ. පසුව කොළු ගැටයා ගෙන එන ලදී. එවිට රජු ඔහුට: 'දරුව! අන්ධයින් හා ළාඳුරු රෝගීන් සුව කරන තරම් ඔබ හූනියම ගැන දැනුම ලැබුවෙහි ද? ඔබ මේ මේ දේවල් සිදු කර ඇත්තෙහිය.' යැයි විමසීය. එවිට ඔහු: 'මම කිසිවකු සුව කරන්නේ නැත. සැබැවින්ම සුව කරන්නා අල්ලාහ්ය.' යැය පැවසුවේය. පසුව ඔහු අල්ලාගෙන ආගමික විද්වතා පෙන්වා දෙන තෙක්ම දඬුවම් කළේය. පසුව ආගමික විද්වතා කැඳවාගෙන පැමිණ ඔහුට 'ඔබේ දහමින් හැරෙන්න' යැයි පවසන ලදී. එවිට ඔහු ප්රතික්ෂේප කළේය. පසුව කියතක් ගෙන්වා, ඔහුගේ හිස මැද කියත තබා කොටස් දෙකකට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව රජුගේ සභිකයා ගෙන්වා ඔහුට: 'ඔබේ දහමින් හැරෙනු' යැයි පවසනු ලැබූ විට ඔහු ද එය පිටුපෑවේය. පසුව ඔහුගේ හිස මැදින් ද කියත තබා දෙපැත්තට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව කොළු ගැටයා ගෙන්වා ඔහුට 'ඔබේ දහමින් හැරෙනු' යැයි පැවසූ විට ඔහු ද පිටුපෑවේය. පසුව ඔහුගේ සේවකයින් පිරිසකට ඔහුව භාර දී මෙසේ පැවසීය: 'නුඹලා මොහු මේ කන්ද දෙසට ගෙන ගොස් ඔහු සමගම එම කන්දට නැග එහි මුදුණට නුඹලා ලඟා වූ විට, ඔහු ඔහුගේ දහමින් හැරුණේ නම් එසේය. එසේ නොමැති නම්, ඔහුව පහළට විසි කර දමන්න.' පසුව ඔහුව කැටුවාගෙන ඔවුහු එම කන්දට නැග්ගෝය. එවිට ඔහු: 'අහෝ දෙවියනි! ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න.' යැය කීය. එවිට කන්ද ඔවුන් සමග කම්පනය වන්නට ගත්තේය. ඔවුහු ඇද වැටුණෝය. ඔහු ඇවිදිමින් රජු වෙතට පැමිණියේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. එවිට ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි පැවසීය. පසුව ඔහුගේ තවත් සේවක පිරිසකට ඔහුව භාර දී 'ඔහුව කුඩා නැවක නංවාගෙන මුහුද මැදට ඔහුව ගෙන යන්න. ඔහු දහමින් නැවත හැරුණේ නම් එසේය, එසේ නැතහොත් හෙළා දමන්න.' යැයි අණ කළේය. පසුව ඔවුහු ඔහුව රැගෙන ගියෝය. ඔහු: 'දෙවිඳුනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න' යැයි පැවසීය. පසුව නැව ඔවුන් සමගම පෙරළී ගොස් ඔවුහු ගිලුණෝය. පසුව ඔහු රජු වෙතට ඇවිදිමින් ආවේය. රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදු වූයේ ද?' යැයි විමසුවේය. ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි කීය. පසුව ඔහු රජුට: 'සැබැවින්ම මා ඔබට නියෝග කරන පරිදි ඔබ සිදු කරන තෙක් ඔබ මා ඝාතනය කළ නොහැක.් යැයි කීය. ඔහු: 'ඒ කුමක් ද' යැයි විමසීය. ඔහු: 'ඔබ එක් උස් ස්ථානයකට ජනතාව කැඳවා, කඳක මා ගැට ගසා, පසුව මාගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව එම හීය දුන්න මැද තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපති යාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව මට විදින්න. එසේ ඔබ සිදු කළ විට, ඔබට මා ඝාතනය කළ හැක 'යැයි පැවසීය. පසුව උස් තැනකට ජනතාව එක්රැස් කර, කඳක ඔහු බැඳ, පසුව ඔහුගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව දුන්න මැද එය තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව විද්දේය. ඔහුගේ නළලට හී සැර වැදුණේය. ඔහු, අත හීය වැඳුනු ස්ථානයේ නළල මත තබා ගනිමින් මිය ගියේය. එවිට මිනිසුන්: 'ආමන්නා බිරබ්බිල් ගුලාම්, ආමන්නා බිරබ්බිල් ගුලාම්,'ආමන්නා බිරබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි තුන්වරක්) පැවසුවෝය. පසුව රජු ගෙන්වා ඔහුට මෙසේ පවසන ලදී. "ඔබ කවර කරුණක් ගැන ප්රවේසමෙන් සිටියේ ද එය ඔබ දුටුවෙහි ද? සැබැවින්ම අල්ලාහ් මත දිවුරා, ඔබ බිය වූ දෑ ඔබට පහළ වී ඇත. සැබැවින්ම මිනිසුන් විශ්වාස කළෝය.' පසුව වීදි අතර වලවල් හාරන්නට නියෝග කළේය. පසුව වළවල් හාරන ලදී. තවද ගිනි අවුලන්නට විය. තවද හෙතෙම මෙසේ පැවසීය: 'කවරෙකු ඔහුගේ දහමින් බැහැර නොවූයේ ද ඔහුව එහි පුළුස්සා දමන්න. එසේ නැතහොත් හෙළා දමන්න.' අවසානයේ කාන්තාවකගේ අවස්ථාව පැමිණෙන තෙක්ම ඔවුහු එසේ සිදු කළෝය. ඇය සමග බිළිඳෙකු විය. ඇය එහි වැටෙන්නට අදිමදි කළාය. එවිට බිළිඳා ඇයට: 'මෑණියනි! ඔබ ඉවසන්න. සැබැවින්ම ඔබ සිටින්නේ සත්යය මතය.' යැයි කීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්යය ප්රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්රතිඥා දුන්නෙමු.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් යටත් වැසියන් පාලනය කිරීමට සළස්වා, ඔහු මිය යන දින ඔහුගේ යටත් වැසියන් රවටා සිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.